හෙන්රි පේදිරිස් කියන්නෙ කවුද?
ඒත් මම මේ කියන්න ආවෙ ඒ ගැන නෙවෙයි. ඒ කියන්නෙ හෙන්රි පේදිරිස් කියන පුද්ගලයා ගැන නෙවෙයි. කොළඹ හැව්ලොක් ටවුමේ ඔහුගේ ප්‍රතිමාව අසලම පිහිටා තියෙන ඔහුගේ නමින් නම් කර තිබෙන ක්‍රීඩාංගණය ගැන. හරියටම කිව්වොත් ඒ ක්‍රීඩාංගණය හා බැඳිච්ච මගේ පළවෙනි ජොබ් එකේ අමතක නොවන කාල පරිච්ඡේදයක් ගැන.
"ගම්ලත්... ඔයාව තමයි හෙන්රි පේදිරිස් ප්‍රොජෙක්ට් එකේ සයිට් ඉංජිනියර් කරන්න ඉන්නෙ... මේ සතියෙම ගිහින් තැන බලාගන්න... ඩ්‍රෝවිං ටිකත් රෙඩි වෙයි ඉක්මණටම... ආමි එකෙන් සයිට් එක ක්ලියර් කරල දුන්න ගමන් වැඩ පටන් ගන්න ඕනි... ඒකට ප්ලෑන් එකක් හදන්න... හදල මගෙත් එක්ක ඩිස්කස් කරන්න..."
- ලංකාවෙ සල්ලිකාර ඉහළ පැළැන්තියේ පවුලක තරුණයෙක්
- බ්‍රිතාන්‍ය පාලන සමයේ කොළඹ නගර ආරක්ෂක බලමුළුවේ (Colombo Town Guard) නිලධාරියෙක්
- 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය වෙලාවෙදි ගැටුම් කිහිපයක් අවි බලයෙන් නැතුව සාකච්ඡාවෙන් ගොඩ දාපු කෙනෙක්
- ඒ කරුණ උපයෝගී කරගෙන ඔහුගේ විරුද්ධවාදීන් විසින් බොරු පැමිණිලි යටතේ රාජ්‍ය ද්‍රෝහියකු ලෙස නම් කර හමුදා අධිකරණයකින් වරදකරු කර වෙඩි තබා ඝාතනය කරන ලද නිලධාරියෙක්
- ඒ හේතුව නිසාම ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ වැදගත් තැනක් හිමි කර ගත්ත චරිතයක්
ඒත් මම මේ කියන්න ආවෙ ඒ ගැන නෙවෙයි. ඒ කියන්නෙ හෙන්රි පේදිරිස් කියන පුද්ගලයා ගැන නෙවෙයි. කොළඹ හැව්ලොක් ටවුමේ ඔහුගේ ප්‍රතිමාව අසලම පිහිටා තියෙන ඔහුගේ නමින් නම් කර තිබෙන ක්‍රීඩාංගණය ගැන. හරියටම කිව්වොත් ඒ ක්‍රීඩාංගණය හා බැඳිච්ච මගේ පළවෙනි ජොබ් එකේ අමතක නොවන කාල පරිච්ඡේදයක් ගැන.
"ගම්ලත්... ඔයාව තමයි හෙන්රි පේදිරිස් ප්‍රොජෙක්ට් එකේ සයිට් ඉංජිනියර් කරන්න ඉන්නෙ... මේ සතියෙම ගිහින් තැන බලාගන්න... ඩ්‍රෝවිං ටිකත් රෙඩි වෙයි ඉක්මණටම... ආමි එකෙන් සයිට් එක ක්ලියර් කරල දුන්න ගමන් වැඩ පටන් ගන්න ඕනි... ඒකට ප්ලෑන් එකක් හදන්න... හදල මගෙත් එක්ක ඩිස්කස් කරන්න..."
ඔන්න මගෙ ඇපොයින්ට්මන්ට් එක.
ඉතින් කිව්ව විදියට මාත් ගියා සයිට් එක බලන්න. හැව්ලොක් පාර අයිනෙම තිබුණ පරණ පැවිලියන් එක කඩල එතන අලුතෙන් බාස්කට්බෝල් කෝට් එකක් එක්ක පැවිලියන් එකක් හදන්න තමයි තිබුණෙ. කෝට් එක ආමි එකෙන්. පැවිලියන් එක අපෙන්.
ඒක හදන අතරෙ එහා පැත්තෙ ලොකු ග්‍රවුන්ඩ් එකේ හැමදාම මොකක් හරි ඉස්කෝලෙක ස්පෝට්ස්මීට් එකක්. අවුරුද්දෙ පළවෙනි වාරෙ නිසා. කොළඹ ඉස්කෝල ගොඩකට තමන්ගෙම කියල පිට්ටනියක් නැති බව මම දැනගත්තෙ ඒකෙන් තමයි.
ආමි එකෙන් සයිට් එක ක්ලියර් කරල වල ගොඩැලි නැති වෙන්න අලුතෙන්ම පස් පුරවල දුන්නට පස්සෙ සයිට් එක මෙන්න මේ වගේ.

පිරවූ නැවුම් පස... |
අයියෝ ඉතින් ආකිටෙක්ගෙ ඩිසයින් එකට ස්ට්‍රක්චරල් ඉංජිනියර් එයාගෙ ඩිසයින් එක කරල දුන්නම මට ඒක මෙතන හදන්නනෙ තියෙන්නෙ. හැබැයි වැඩේ ඒ තරම් සිම්පල් වගේ හිතුණෙ මට අත්දැකීම් නැති නිසා කියල තේරුම් ගන්න ඒ හැටි දවසක් ගියෙ නෑ.
වැඩට ඕනි කරන බඩු ගේන්න, ලේබර්ස්ලා හොයා ගන්න, උන්ට ඉන්න වෙනම තැන් හදල දෙන්න, බඩු ටික හොරුන්ගෙනුයි සයිට් එකේම වැඩ කරන උන්ගෙනුයි ආරක්ෂා කරගන්න, ප්‍රෝග්‍රෑම් එකට අනුව ප්‍රොග්‍රෙස් පෙන්නන්න, වැටේ කොලිටි එක අඩු නොවෙන්න වග බලා ගන්න, ඩිරෙක්ට් ලේබර්ස්ලගෙන් උපරිම අවුට්පුට් එක ගන්න, සබාල එක්ක කෝඩිනේට් කරල උන්ගෙන් වැඩ ටික කරගන්න, ආදී වශයෙන් මෙකී නොකී වැඩ කොච්චරක්ද.
ඒ මදිවට මට සුපවයිසර් කෙනෙකුත් නෑ, එස්කේ කෙනෙකුත් නෑ, සයිට් කියුඑස් කෙනෙකුත් නෑ, පෙටි කෑෂ් කරන්න කෙනෙකුත් නෑ, මොකෙක්වත් නෑ. අන්තිමට වැඩ බලන්නෙත් මම, බඩු ඉෂූ කරන්නෙත් මම, වැඩ වල රෙකෝඩ් තියා ගන්නෙත් මම, ලේබර් ඇටෙන්ඩන්ස් බලන්නෙත් මම, උන්ට ඩේලි එක්ස්පෙන්ස් වලට සල්ලි අරන් යන්නෙත් මම, හැමදාම හම්බ වෙච්ච ගානයි වියදම් වෙච්ච ගානයි බැලන්ස් කරන්නෙත් මම. කොටින්ම දේවාලයේ දෙයියොත් මම, කපුවත් මම, ආතුරයත් මමම තමයි.
ඔය අතරෙ එක එක ස්ටේජ් වලදි සයිට් එක තිබුණ හැටි තමයි මේ.
![]() |
ස්ට්‍රිප් ෆුටින් එක දාන්න කැපුව හැටි... |
![]() |
අවුරුද්දට ගම්බිම් වල යන්න කලින් ස්ට්‍රිප් එක දාලයි ගියේ... |
![]() |
කොන්ක්‍රීට්... |
![]() |
තවත් කොන්ක්‍රීට්... |
![]() |
තව තවත් කොන්ක්‍රීට්... |
![]() |
තව තව තවත් කොන්ක්‍රීට්... |
![]() |
ඔය අස්සෙ පොඩි පොඩි වැරදි වුණාම ඒව හදන්නත් එපැයි... |
![]() |
දැන් නම් පැවිලියන් එකක ලුක් එකක් තියෙනව නේද... |
![]() |
ඇත්තටම මේක මගෙ සයිට් එකක් වෙලා තිබුණ කියල හිතාගන්නත් බෑ... (ගත්තෙ මෙතනින්) |