කන්ටැක්ට්ස් වල සේව් කරල නැති එටිසලාට් නම්බර් එකකින් කෝල් එකක්. මොකක් හරි ප්‍රොමෝෂන් එකක්ද දන්නෑනෙ. මාත් ගත්ත.
"හෙලෝ"
"හෙලෝ, ගම්ලත් මහත්තයද"
මළ කෙළියයි. නමත් දන්නවනෙ.
"ඔව්, කවුද මේ"
"මේ ගැමිදිරියෙ ඉංජිනේරු මහත්තය නේද"
කාගෙ හරි බයිටක්ද දන්නෙත් නෑ. විස්තරත් දන්නවනෙ මං ගැන.
"ඔව් ඔව්. කවුද මේ කතා කරන්නෙ"
"මහත්තය අපේ අල්ගොඩ ජල ව්‍යාපෘතිය විවෘත කරන උත්සවේ තියෙනව. ඒකට ආරාධනා කරන්න කතා කරේ. මම අල්ගොඩ සංවිධානයේ සභාපති"
ඒ විස්තරයත් සමග මගේ සිත අතීතයට දිව ගියේ වේගයෙනි.
කලින් කොටස් දෙකකින්ම විස්තර කරපු (1 කොටස, 2 කොටස) ගැමිදිරිය ව්‍යාපෘතියෙ ඉන්න කාලෙ සම්බන්ධ වෙන්න ලැබුණ හොඳම වැඩක් ගමයි මේ අල්ගොඩ ජල ව්‍යාපෘතිය කියන්නෙ. මේ ගමට යන්න නම් දෙහිඕවිට-දැරණියගල පාරෙ ටික දුරක් ගියාම දකුණු පැත්තට තියෙන මහඔය වතුයායට යන පාරෙ යන්න ඕනි. රබර් වතු මැදින් වැටුණු වංගු ගැහුණු පාරක් වෙච්ච මේ පාර නම් මම ගැමිදිරියෙ ඉද්දි ගිහින් තියෙන ගොඩක් පාරවල් වලට වඩා හොඳ පාරක් බව නම් කියන්නම ඕනි.
අල්ගොඩ කිව්වම ඇත්තටම ග්‍රාමීය සංවිධාන දෙකක් තියෙනව. එයින් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වුණ අල්ගොඩ එකමුතු සංවිධානය ගැන තමයි මේ කියන්නෙ. මේ සංවිධානයට වතුයායේ පදිංචි දෙමළ පවුල් වගේම ඒ ආශ්‍රිතව තිබුණු ගම්මානයේ පදිංචි සිංහල පවුලුත් අයත් වුණා. ඒත් කිසිම භේදයකින් තොරව ගැමිදිරිය ව්‍යාපෘතියේ ප්‍රතිලාභ බෙදාගෙන සාර්ථක ගමනක් ගිය ගමක් නිසා ව්‍යාපෘතියේ ප්‍රගතිය බලාගන්න කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් හරි ලෝක බැංකුවෙන් හරි වෙන මොන තැනකින් හරි එන ඕනි කෙනෙකුට කිසිම බයකින් තොරව පෙන්නන්න පුළුවන්කම තිබුණු ගමක් තමයි මේක. ඉතින් මේ කියන ජල ව්‍යාපෘතිය පටන් ගන්න කලින්ම දන්නව ඒක නම් හරියටම හරි යන ප්‍රොජෙක්ට් එකක් කියල. ඒ නිසා මේ කතා කරපු එක්කෙනා ඊළඟට කියපු මේ කතාව නම් බොරුවක් ඔන්න.
"මහත්තය හිටියෙ නැත්නම් අපට මේක කරගන්න හම්බවෙන්නෙ නෑ"
ඔන්න කිව්ව කතාවක්. අනේ මම කළේ ඉතින් මේක පටන්ගන්න අවසර ගන්න වතු අධිකාරී හම්බවෙන්න ගිය එකයි වතුර පාර පටන්ගන්න තැනට දෙපාරක්ම කන්දක් බඩගාපු එකයි මුල්ගල තියන්න ගිය එකයි විතරයි. ඒ නිසා ප්‍රොජෙක්ට් එකේ නියම හිමිකාරයො වෙච්ච චමිලා මිස්, අංජනී මිස් හා රසිකා මිස් මතක් කළේ නැත්නම් ඒක ලොකුම ලොකු අඩුපාඩුවක්.
"අනේ මම දැන් එතනින් අයින් වෙලත් ගොඩක් කල්නෙ. දැන් මම කොළඹ වැඩ කරන්නෙ. ඒ නිසා මට එන්න වෙන්නෙ නම් නෑ. ව්‍යාපෘතිය සාර්ථකව කරගත්ත කියල අහපු එකත් ලොකු දෙයක් මට"
ඒ ඇරෙන්න ඉතින් මම මොනව කියන්නද ඒ මනුස්සයට. මට උත්සවේට යන්න බැරි වුණත් අනාගතේදි වුණත් දවසක මතක් කරල සතුටු වෙන්න පුළුවන් දෙයක් තමයි ඒක. ගැමිදිරියේ සොඳුරු මතකයක් පිළිබඳ සටහන ඒ විදියට නිමා කරනව එහෙනම්.
"මහත්තය හිටියෙ නැත්නම් අපට මේක කරගන්න හම්බවෙන්නෙ නෑ"
ඔන්න කිව්ව කතාවක්. අනේ මම කළේ ඉතින් මේක පටන්ගන්න අවසර ගන්න වතු අධිකාරී හම්බවෙන්න ගිය එකයි වතුර පාර පටන්ගන්න තැනට දෙපාරක්ම කන්දක් බඩගාපු එකයි මුල්ගල තියන්න ගිය එකයි විතරයි. ඒ නිසා ප්‍රොජෙක්ට් එකේ නියම හිමිකාරයො වෙච්ච චමිලා මිස්, අංජනී මිස් හා රසිකා මිස් මතක් කළේ නැත්නම් ඒක ලොකුම ලොකු අඩුපාඩුවක්.
වතුර පාර පටන්ගන්න තැන ගත්ත මේ පොටෝ එක විතරයි මතක් වෙන්නවත් ඉතුරුවෙලා තියෙන්නෙ... හැම හොඳ දේකම වගේ මේකෙත් තියෙන්නෙ මේ වගේ කුඩා සරල පිරිසිදු ආරම්භයක්... |
ඒ ඇරෙන්න ඉතින් මම මොනව කියන්නද ඒ මනුස්සයට. මට උත්සවේට යන්න බැරි වුණත් අනාගතේදි වුණත් දවසක මතක් කරල සතුටු වෙන්න පුළුවන් දෙයක් තමයි ඒක. ගැමිදිරියේ සොඳුරු මතකයක් පිළිබඳ සටහන ඒ විදියට නිමා කරනව එහෙනම්.
//හැම හොඳ දේකම වගේ මේකෙත් තියෙන්නෙ මේ වගේ කුඩා සරල පිරිසිදු ආරම්භයක්// ++++++++++++ පට්ටම කියමන.
ReplyDeleteස්තූතියි ප්‍රියා...
Deleteමම හිතන්නෙ ජිවිතේ ගොඩක් දේවල් වලට අදාලයි ඒක...
පොඩියට සරලව පිරිසිදුව ආරම්භ කරන දෙයක් වරදින්නෙ නෑ කියලයි මම හිතන්නෙ...
හැම දේකම මුල අමතක නොවෙන එක හොද ලක්ෂනයක්..
ReplyDeleteඒ අතිං අර මනුස්සය ග්‍රේට්..
අනිවා මහේෂ්...
Deleteඒ වගේ ගතිගුණ ගම්වල මිනිස්සු ළඟ අඩු නැතුව තියෙනව කියල මම හොඳින්ම දැනගත්තෙ ගැමිදිරියෙන්...