Saturday, October 5, 2013

ගැමිදිරිය 1 - ඉන්ටවිව් එක

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සිවිල් ඉංජිනේරුවන්ට රැකියා අවස්ථා තියෙනව කියල මම මුලින්ම දැනගත්තෙ අපේ ඊ-මේල් ගෘප් එකට ආපු ඊ-මේල් එකකින්. තව ටිකක් හොයල බලන කොට තනතුරේ නම දිස්ත්‍රික් ඉංජිනේරු කියල දැනගත්තම ඒකට යන්න තවත් ආස හිතුන. ඒ නිසාම ඒ වෙනකොටත් එතනට ගිහින් හිටිය යාලුවෙක්ගෙ මාර්ගයෙන් සී.වී. එකක් දාල මම ඉන්ටවිව් එකට ගියේ පළවෙනි ජොබ් එකේ ඉන්න ගමන්ම 2012 මැයි-ජූනි විතර වගේ.

නුගේගොඩ තලපත්පිටිය කාර්යාලයෙ තිබුන ඉන්ටවිව් ගිහින් බලනකොට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති කීපයකටම ඉංජිනේරුවො ගන්න හොයනව කියල තමයි මට තේරුනේ. මගෙන් ඇහුවෙ ප්‍රශ්න දෙකයි.

ප්‍රශ්නය - උතුරෙ වැඩ කරන්න යන්න කැමතිද?
පිළිතුර - ඒ පැත්තට යන්න නම් එච්චර කැමැත්තක් නෑ. මට ගම්පහ, කෑගල්ල, කුරුණෑගල පැත්තෙන් ලැබුනොත් නම් යන්න කැමතියි
ප්‍රතිචාරය - ඒ පැතිවල නම් අපේ වේකන්සි නෑ දැනට. ඉස්සරහට ආවොත් කියන්නම්
ඉන්ටවිව් එක මේ වගේ තමයි... නෝනෙක් නම් හිටියෙ නෑ හැබැයි...
ප්‍රශ්නය -
පඩිය කීයක් බලාපොරොත්තු වෙනවද?
පිළිතුර - xxxxx වත් ඕනි
ප්‍රතිචාරය - අපේ ප්‍රොජෙක්ට් එකේ එච්චර ගෙවන්නෙ නෑ. xxxxx තමයි මේ පෝස්ට් එකේ පඩිය. ඔයාට යන්න පුලුවන්

ප්‍රශ්න දෙකකින් ඉවර වෙච්ච, කිසිම ටෙක්නිකල් ප්‍රශ්නයක්වත් අහපු නැති ඉන්ටවිව් එකක් ඉවර වෙලා එලියට බැස්සම තමයි දන්නෙ උතුරට යන්න කැමතියි කියපු බැචාල දෙන්නෙකුට "ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් එනකම් ඉන්න" කියල කිව්ව කියල. හිතේ තිබුන අන්තිම බලාපොරොත්තුවත් එතනින්ම නැති කරගෙන ගෙදර ආපු මම පුදුමෙනුත් පුදුමෙට පත්වුනේ "ඔබ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දෙවන ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කෑගල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවරයා ලෙස පත්කර ඇති බව සතුටින් දැනුම් දෙමි" කියල ලියුමක් මාසෙකට විතර පස්සෙ ලැබුනමයි.

Sunday, June 9, 2013

ආදරණීය ඉරිදා


ආදරණීය ඉරිදා... (ගත්තෙ මෙතනින්)

"මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න..." එම්. එස්. ප්‍රනාන්දු ගායකයාණන්ගේ ගී හඬ ඈතින් ඇසෙයි.

ඉහත ප්‍රාර්ථනය කොතරම් කළත් සෑම සතියකම ඉන් පෙර සතියට වඩා ගොඩක් වෙනස් නොවූ ඉරිදා යනු මා කොහොමටත් ආශා කළ දවසක් නොවේ. කුඩාම කාලයේ ගත වූ ඉරිදාවන් ගැන එතරම් මතකයක් නැතත් හතර-පහ ශ්‍රේණිවල පටන් ඉරිදාවන් ගැන මා හට දැනී ඇත්තේ අන් දිනයන්ට වඩා වෙනස් ලෙසිනි. ඒ කාලයේ ගමේ සිට නගරයට ශිෂ්‍යත්ව පන්ති සඳහා පැමිණියේ ඉරිදාටය. ඒ පන්තියේත් පාසලේත් පිහිටෙන් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ බැවින් කොළඹ පාසලකට එන්නට වරම් ලැබුණි. එදා පටන් ඉරිදාවන් ගැන ඇති අප්‍රසාදය තවත් වැඩි වූවා පමණි.

පාසලේ නේවාසිකාගාරයේ සතියක් ගත කර සිකුරාදා සවසට ගෙදර එන මා නැවත යන්නේ සඳුදා උදෑසනය. ගෙදර එන විට බස් රියට හැකි තාක් වේගයෙන් යාමට හැකි වේවායි සිතින් අයදින මා නැවත යන විට අයදින්නේ හැකි අඩුම වේගයෙන් යන ලෙසය. කෙසේ හෝ වේවා සිකුරාදා රාත්‍රියේ නිවසට පැමිණ සෙනසුරාදා දවස සතුටින් ගත කරන මා ඉරිදා දවසේ උදාවත් සමග පත් වන්නේ අමුතුම මානසික තත්ත්වයකටය. ඊට හේතු වන්නේ පසුදින හිමිදිරියේම යළිත් පාසල බලා යා යුතු වීමය. මේ හේතුව නිසා ඒ කාලයේ පටන්ම මා හට ඉරිදා දවස් වලදී කිසිදු ප්‍රයෝජනවත් වැඩක් කර ගත නොහැකි වූවාට අමතරව මානසික පීඩනයකින් ගත කිරීමටද සිදු විය.

සාමාන්‍ය පෙළ අවසන් කර උසස් පෙළට පිවිසීමත් සමග මේ ජීවන රටාව තරමක් වෙනස් වූයේ පදිංචිය වෙනස් වීම නිසා නිවසේ සිටම පාසල් යාමට පටන් ගැනීමත් සමගය. මේ කාලයේ නම් වෙනසක් කිව නොහැකි තරමට සෑම දවසක්ම කාර්ය බහුල විය. කෙසේ වෙතත් ඉරිදා සවස් වරුවේ ගම්පහ සමාධි ආයතනයේ පැවති කේසිරි විතානගේ ගුරුතුමන්ගේ රසායන විද්‍යාව පන්තිය නිසා ඉරිදාවන්ට මා ආශා කරන්නට පෙළඹුණා යැයි කිවහොත් එය බොරුවක් නොවේ.

ඉන්පසු එළඹියේ විශ්වවිද්‍යාල සමයයි. කුඩා කල මෙන්ම යළිත් වරක් ඉරිදාවන් අප්‍රිය කරන්නට මා පෙළඹුණේ මේ කාලයේදීය. මුල් කාලයේ බෝඩිමේද අවසන් වසරේ නේවාසිකාගාරයේද ගත කළ මා හැකි සෑම විටකම නිවසට ඒමේ ආශාවෙන් පෙළුණු බැවින් එසේ පැමිණ නිවසේ ගත කරන කෙටි කාලයේ නිමාව සනිටුහන් කරන ඉරිදා මට සැබැවින්ම පෙන්නන්නට බැරි දවසක් විය.

රැකියාවට ගිය පසු නම් ඉරිදා මට යළිත් ඕනෑ විය. ඒ අන් කවරක් නිසාවත් නොව මාගේ රැකියාවේ ස්වභාවය අනුව නිවාඩු දවස් ඉතා සීමිත වූ බැවිනි. මා මෙතෙක් කළ රැකියා දෙකෙහිදීම ඇතැම් සෙනසුරාදා දිනවල වැඩ කිරීමට සිදු විය. වැඩ වැඩි වූ විට ඉරිදාත් වැඩ කළ අවස්ථා තිබුණි. කෙසේ වෙතත් මේ කාලය තුළ බොහෝ විට නිවසට වී විවේකයෙන් ගත කිරීමට ලැබුණු එකම දිනය වූයේ ඉරිදාවකි.

එහෙත් කලකට පෙර ඉරිදාවන් පිළිබඳ පැවති අප්‍රසාදය තුරන් වී ටික කලක සිට ඉරිදා යනු මාගේ ජීවිතයේ ප්‍රියතම දවස බවට පත් වී ඇත. ඒ ඈ හමු වූ පසුවය. ඈ මුල් වරට හමු වූයේද ඉරිදාවකය. එදා පටන් ගත වූ කෙටි කාලය තුළ බොහෝ ඉරිදාවන් ගත වූයේ ඈ සමගය. කොළඹට පය තබා අවුරුදු පහළොවකට පසු එතෙක් ඇවිද නොගිය මාවත් වල අත් පටලා ඇවිද යමි; එතෙක් දැක නොතිබුණු සුන්දර ස්ථාන වල නෙතින් නෙත බලා පැය ගණන් ගත කරමි; එතෙක් අත් නොවිඳි ආදරයක මිහිර රිසි සේ විඳ ගනිමි.

"අද වේ ඉරු දින... ඇය හමු වේවිද..." අනිල් භාරතී ගායකයාණන්ගේ ගී හඬ ඈතින් ඇසෙයි.

Sunday, May 19, 2013

කවිකාරි

කලින් පෝස්ටුව අවසන් වූයේ එයා ගෙන් අනුමත කර ගැනීමක් ගැන සඳහන් කරමිනි. වැඩිදුරටත් එහි කියා තිබුණේ එයා ගැන වෙනම ලියන බවය. කෙසේ වුවත් එක් වරම එයා ගැන ලියන්නේ කෙසේදැයි සිතමින් ලත වෙමින් සිටියදී එයා අපූරු පද පෙළක් එවා තිබුණි. එයා ගේ එම හැකියාව ගැන හරියටම දැන ගත්තේද එය කියවීමෙනි. අවශ්‍ය අවසරයත් ලැබුණු බැවින් ආරම්භයක් හැටියට එය මෙසේ පළ කිරීමට හැකි විය.
ලියූ කවි පද දහක් අතරේ... (ගත්තෙ මෙතනින්)
දුර ඈත වසන්තය
නොපෙනෙනා කල්හි මට
නුඹ ඉතින් තව ඈත
දුර ගිහින් ගව් ගණන්
නිදි නොමැති දෙනෙත් අග
නූපුන් දසුන් මත
තවත් මම බලා ඉමි
එන තුරා මගෙ ළඟට
නිමා කර ගිම්හානය


කවියවියෙන් පිළිතුරු දීමට සිතා ලියූ පහත පද පෙළ නම් කෙේවත් එයට ළඟින්වත් තැබිය හැක්කක් නො යැයි සිේ.

හිරු සේම නැගී උන්නාය පෙර මග බලා
සඳවතිය කොහේ සිට පැමිණේවිදෝ සිතා
තරු පමණි සඳ නොමැති
අහස් කුස දැල්වුණේ
ජීවිතය අන් තැනක
කියා සිත ළතැවුණේ
කොහේදෝ පාවෙලා අහම්බෙන් හමුවෙලා
නෙතින් සවනින් සිතට නොදැනීම ළං වෙලා
සිනා මල් රැගෙන විත්
අඳුර බින්දේ නුඹයි
සදා හැර නොයන්නට
නැවතුණේ නුඹ ළඟයි
සඳේ මම නුඹ ළඟයි
සදා කල් නුඹ ළඟයි


ඊට පිළිතුරු ලැබුණේ හැරෙන තැපෑලෙනි.

පූරණය කළ පාරමී බල
ගෙවූ දිගු ගමනේ
ප්‍රභාවත් කළ දයා දිගු නෙත
වසන් කළ කඳුළේ
දිනූ මද මුදු පැතුම් අපමණ
විරාගික ගමනේ
සුභාවිත පෙම් කතා පුවතක්
සුපින්බර සසරේ
නිරාමිස සුව ලබා ගෙන මිස
නොනවතින සටනේ

කවි ලිවීම අමාරු වැඩක් වුවත් කවි කියවීම කම්මැලි වැඩක්දැයි හරියටම ොදන්නා බැවින් වැඩිදුර ොලියා ඒ ගැන ඔේ අදහස් බලාොත්තුවෙන් සිටින බව කණාවෙන් සලකන්න.

Sunday, May 5, 2013

දෙයියාට හමු වූ කෙල්ලන් ගැනයි

දෙයියා කෙල්ලන්ට බයය. අඩු ගානේ එහෙම කාලයක් තිබුනේය. ගෙදරවත් නෑදෑයො අතරෙවත් සම වයසෙ ගෑනු ලමයෙක් හිටපු නැති නිසා එහෙම උනා කියල කාලයක් හිත හදා ගත්තේය. තව කාලයක් පිරිමි ඉස්කෝලවලටම ගිය නිසා එහෙම උනා යැයි හිත හදා ගත්තේය. ඊලඟට කෙල්ලො අඩුවෙන්ම ඉන්න කැම්පස් එකකට සෙට් උන නිසා කියල ආයෙ කාලයක් හිත හදා ගෙන උන්නේය. ඒ කොහොම උනත් එක කාලෙකදි කෙල්ලෙක් නැතිකමින් දැඩි පීඩනයට පත්ව සිටි දෙයියා තව කාලෙකදි ජීවිතේට කෙල්ලෙක් ඕන්නෑ යැයි හිත දැඩි කරගෙන උන්නේය. කොහොම හරි අන්තිමේදි පලවෙනි ජොබ් එකට ගිහින් කෙල්ලො ගොඩක් මැදටම ඇදගෙන වැටුනේය. අයියෝ පවු දෙයියා යැයි කෙනෙකුට හිතෙනු ඇත. ඇත්තටම දෙයියා පවුය. ඒත් දෙයියාගේ ජීවිතේ ගොඩක් වෙනස් උනෙත් ඒ නිසාමය. මේ ඒ කතාවය.
ෝකය ෝලාකාරයි... කෙල්ො විවිදාකාරයි... (ගත්තෙ මෙතනින්)
දෙයියා පලවෙනි දවසෙ ඔෆිස් එකේ දොර අරිනකොටම දැක්කෙත් කෙල්ලෙක්ය. ආපු කාරනය කියන්න බයෙන් බයෙන් ලං වෙනකොට එයත් දෙයියා දිහා බය වෙලා වගේ බලන් හිටියාය. කොහොම හරි කාරනේ කියල කට්ටියව අඳුනගන්න හදනකොට ඒසී තියෙද්දිම දෙයියට දාඩියත් දමලාය. කෙල්ලන්ට අතට අත දුන්නෙත් සෑහෙන බයෙන්ය. ඒ වෙද්දි ජීවිතේට කෙල්ලෙක්ගෙ අතින් අල්ලලා තිබුනෙ නැති නිසා විය යුතුය. හැබැයි ඉතින් කට්ටියම යන්තම් හිනාවෙලා යන්තම් ඇඟිලි අගින් අතට අතට දීලා සුහදව දෙයියා පිලිගත්තෝය. සමහරු නම් මූන බලපු විදියට මෙයාලත් එක්ක කොහොම වැඩ කරන්න වෙයිදැයි බයත් හිතුනේය. ඒ මදිවාට පසුව දැනගත් පරිදි එතන සිටි දෙයියට වඩා බාල එකම කෙල්ලටත් දෙයියා අක්කා කියා අමතා තිබුනේය.

කෙසේ හෝ වේවා දෙයියට කෙල්ලන්ගෙ නම් ටික මතක තියාගන්නත් එක එක්කෙනා කරන වැඩ ටික අඳුනගන්නත් දවස් කීපයක්ම ගියේය. ඒත් ඒ දෙකටම වඩා අමාරු උනේ උන් එක එක්කෙනාගෙ හැටි තේරුම් ගන්න එකය. අමාරු උනාට මොකද ඒකත් හරි ආතල් වැඩක් උනේ එක එක විදියෙ අය හිටපු නිසාය. නොබැඳපු කෙල්ලො අතරෙ බැඳපු එක්කෙනෙක්ය. වැඩිමල් කෙල්ලො අතරෙ බාල එක්කෙනෙක්ය. සිංහල කෙල්ලො අතරෙ ටැමිල් එක්කෙනෙක්ය. හැබැයි ඒ දවස්වල ඔහොම උනාට පස්සෙ ඔෆිස් මාරු කරපු එකත් එක්ක ඔය ඔක්කොම සංයුති වෙනස් උනේය. සංයුති විතරක් නොව තව තව දේවල් වෙනස් වී දෙයියා ඒ ජොබ් එකට ආයුබෝවන් කියා සමුගෙනත් ආවේය. ඒත් ඒවා මෙතන ලියන්න ඕනෑ නැතිය. කොහොම උනත් ඒ එක එක විදියෙ කෙල්ලො එක එක්කෙනා ගැන මොන මොනව හරි ලිව්වෙ නැත්නම් ලොකු අඩුවක්ය. ඒ නිසා පුලුවන් හැටියට ලිව්වේ පහත දැක්වෙන පරිදිය.

එක්කෙනෙක් නම් වැඩි සද්දයක් නැතුව සංවරව හිටියෙ බැඳල හිටපු නිසාම වෙන්න ඕනෑය. හැබැයි වැඩිමල්ම කෙනා කියල නැතුව හැමෝම එක්ක සුහදව වැඩ කරපු බව නම් ලියන්න ඕනෑය. එතකොට අර කලින් කියපු බාලම කෙනා ලොක්කන්ට ඇරෙන්න අනිත් කොල්ලො කෙල්ලො හැමෝටම කතා කලේ මචං කියලාය. ඕක අහලා පලවෙනි දවසෙ දෙයිය නිකං කරකවල අත ඇරිය වගේ උනේ දෙයියාවත් එහෙම නැති නිසාය. ටැමිල් අක්ක නම් කැඩිච්ච සිංහලෙන් හරි කට්ටියත් එක්ක කතා කරන්න හරිම කැමතිය. කොච්චර කැමතිද කියනව නම් සමහර වෙලාවට අනිත් අයටම එපා වෙලා නවත්තන්නේය. තව ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු ඒත් පොඩි දේටත් හරිම කලබල වෙන කෙල්ලෙකුත් සිටියාය. දෙයියට මුල ඉඳලම ගොඩක් වැඩ කරන්න උනේ එයත් එක්කය. ඇත්තටම හොඳ යාලුවෙක් උනත් පස්සෙ නම් ටිකක් වෙනස් උනාය. ඒක උපේක්ෂාවෙන් පිලිගත්තත් ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් හොරෙන්ම අයින් කරල දාපු එක ගැන නම් හරිම දුකය.


අන්තිමට තියෙන කතාව දැකල එයා දෙයියට කතා කලාය. බලාගෙන යන ොට ොඩි වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙන බව පිලිගන්නට දෙයියාට සිදු වේය. කෙන් හිත රිදුනා නම් සමාවෙන්න ඕනෑය. මුලින් ලියපු ටික එහෙමම තියල ේ ටික අලුතෙන් ලිව්වෙ වැරදුදෙයියට උනත් ඒක හංගන්න කැමති නැති නිසාය.

තව තුන්දෙනෙක් ඉතුරුය. එයාල ගැන වෙනම ලියන්නෙ දෙයියා ඒ ජොබ් එකෙන් ආවට පස්සෙත් දිගටම යාලුකම් පවත්වගෙන ගිය අය නිසාය. එක්කෙනෙක් අර පලවෙනි දවසෙ දොර ඇරගෙන එද්දි මුලින්ම දැකපු කෙනාය. එදා දෙයිය දිහා බය වෙලා වගේ බලන් හිටිය කිව්වට ඒ බයට නෙවෙයි කියලා තේරුනේ ඊට ටික දවසකට පසු දෙයියා යනු කලු කැත කොල්ලෙක් බව මූනටම කියපු දවසේය. හැබැයි ඒ තරහටවත් සමච්චලේටවත් නොව විහිලුවට බව තේරුම් ගන්නට තරම් ඒ වන විට දෙයියා එයා ගැන දැන සිටියේය. අනිත් දෙන්නම පස්සෙ කාලෙක අපේ ඔෆිස් එකට ආපු කෙල්ලන්ය. ඉන් එක්කෙනෙක් ජීවිතේට මොනව ආවත් ජීවිතෙන් මොනව ගියත් ආඩම්බර වෙන්නෙවත් සසල වෙන්නෙවත් නැතුව පුදුම සරල විදියට ජීවත් වුන කෙල්ලෙක්ය. හරියට මූද වගේය. අනිත් කෙනා නම් ටිකක් දරුනුය. ඒත් දෙයියත් එක්ක හරිම යාලුය. එයාට කවුරු හරි ප්‍රශ්නයක් දැම්මොත් ඒ වෙලාවට අප්සට් ගැහුවට රිටර්න් එක දෙන්නෙ කොල්ලෙකුටත් වඩා දරුනු ලෙසය. මේ තුන්දෙනා එකතු වෙලා දෙයියගෙ බර්ත් ඩේ එකේදි දෙයියව නියමෙට ගොනාට ඇන්දුවෝය. ඒත් ඒ ගැන කිසිම තරහක් නැත්තේ දෙයියා ලවාම තෑග්ගක් තෝරා දෙයියාටම ප්‍රසන්ට් කල නිසාය.

කොහොම උනත් කේක් චොකලට් අයිස්ක්‍රීම් එහෙම අරන් දීලා ඔය කෙල්ලො ටිකදෙනාගෙ හිත් දිනාගන්න එකත් දෙයියට එච්චරම අමාරු වැඩක් නොවුනේය. හැබැයි එහෙම අරන් දුන්නෙ තනි කෙල්ලන්ට එහෙම නොව කට්ටිය එකට ඉන්නකොටය. එහෙම ෆිට් උන හින්දම නිතරම වගේ පොඩි පොඩි ඩේ අවුට් යන්නත් සෙට් උනේය. ජොබ් එකේ ස්ට්‍රෙස් එක යවාගන්නත් එක්ක දෙයියත් ඒවට බොහොම කැමැත්තෙන් සහභාගි උනේය. ඒවා තාමත් බොහොම සුන්දර මතකයන්ය. ඒ විතරක් නොව කෙල්ලන් ගැනත් ජොබ් ගැනත් බොහෝ දේවල් දෙයියා උගත්තේ මේ අයගෙන්ය. දෙයියා කෙල්ලන්ට තිබුන බය නැති කලෙත් මෙයාලාය. මෙයාලා නිසා දෙයියගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා කිව්වේ ඒ නිසාය.

හැබැයි පොඩි දුකකුත් තිබුනේය. දෙයියා හිත හොඳ හැමෝටම උදව් කරන කාගෙවත් හිත් රිදවන්න අකමැති කෙනෙක් උනාට හැමෝම එහෙම නැති බව ඉගෙනගන්න උනේ අත්දැකීමෙන්මය. හුඟ දෙනෙක් ගැන මුලින්ම හිතේ ඇඳුන ප්‍රතිරූපය ටික කාලෙකින්ම සෑහෙන්න වෙනස් කරගන්න සිද්ද උනේය. ගොඩක් අය ගැන ඒ වෙනස හොඳ පැත්තට උනාට සමහරු ගැන නම් උනේ පිලිගන්න අකමැති කටුක දේවල් පිලිගන්නටය. ඒත් ඉතින් එහෙම දේවල් අත්දැකීමෙන් මිසක් පොතපතින් ඉගෙනගන්න බැරි නිසා ඒ හැමදෙයක්ම සම සිතින් බාරගන්න දෙයියා හිත හදා ගත්තේය.

කෙල්ලන්ගෙ නම් දාලා පොටෝ දාලා මේක සම්පූර්න කරන්න තිබුනා නම් හොඳය. ඒත් එහෙම කරන්න බැරි එක ගැන දුකය. ඒකට දෙයියට සමාවෙන්න ඕනෑය. කියවන අය අඳුනන අය හිටියොත් එයාලටත් පෙන්නලා අනේ දෙයියට අපිවත් මතක තිබුනනේ කියල එයාල කිව්වා නම් ඒ හොඳටම ඇතිය.

ඔක්කොමත් හරිය. ඒත් අවශ්‍යම කෙනා ගැන ලිව්වේ නැතිය. එයා ගැන මෙතන නොලියා වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනෑය. මේ ටික කියවලා එයා මොනවා හිතයිද කියන්නත් බැරිය. ඒ හින්ද ඉස්සෙල්ලම එයාට පෙන්නලා අනුමත කර ගන්න ඕනෑය. මේක ඔයාලට කියවන්න පුලුවන් නම් ඒ කියන්නේ අනුමත වෙලා කියන එකය.

Monday, April 29, 2013

අලුත බැන්ද ඉංජිනේරුවා

කියන්න යන්නෙ අකැම්පස් එේ මහාචාර්යතුමෙක් කියපු එතුමන්ගෙම අත්දැකීමක්. කතාව කියවල බලලම කියන්න ඉංජිේරුන්ගෙ පවුල් ජීවිත ගැන ොනවද හිතෙන්නෙ කියල.

ඔන්න අපේ මොරටුව කැම්පස් එකේ සෙනසුරාදට තියෙනවලු පෝස්ට්ග්‍රැජුවෙට් කෝස් එකක්. ඒ කියන්නෙ පශ්චාත් උපාධි පාඨමාලාවක්. ඉතින් දවසක් උදේම මේක කරන අර කියපු මහාචාර්යතුමත් ඇවිත් පටන් ගත්තලු ලෙක්චර් එක. ටික වෙලාවක් යන කොට පැත්තක ඇල වෙලා හිටපු ශිෂ්‍යයෙක්ගෙ ඇල ගඟ වෙලා ගඟ මූද වෙලා ඒ මදිවට ටිකකින් ගොරවන්නත් ගත්තලු. දැන් මහාචාර්යතුමාට හරිම ප්‍රශ්නයක්. ඇයි ඉතින් දේශනයක් කරන කොට පසුබිම් සංගීතයක් තියෙන්න බෑනෙ. ඒ පාර මහාචාර්යතුමා කතා කරල ඇහුවලු මොකද උදේ පාන්දරම නිදා ගන්නෙ කියල. එතකොට මේ මනුස්සය කියනවලු:

"සර් මම ඉන්නෙ නුවර. වැඩ කරන්නෙ ට්‍රින්කො වල. ඉතින් සිකුරාද රෑ ට්‍රින්කො ඉඳන් නුවර ඇවිත් සෙනසුරාද උදේම මෙහෙ එනව කෝස් එකට. ඒ ඇවිත් දවසම මෙහෙ ඉඳල රෑ ආයෙ නුවර යනව. ආයෙමත් ඉරිද දවල් ට්‍රින්කො යන්න පිටත් වෙනව. ඒ නිසා පොඩි නිදිමතක් ආව. සොරි සර්" කියල.

මෙහෙමලු හිටියෙ අපේ යාලුව... (ගත්තෙ මෙතනින්)
ඒ පාර මහාචාර්යතුමාටත් දුක හිතිල. කොහොමත් මේ කියන මහාචාර්යතුමා හරිම සංවේදී සහ ශිෂ්‍යයොත් එක්ක ගොඩක් එකතු එක්කෙනෙක්. ඒ බව මම දන්නෙ අපටත් එතුමා උගන්නල තියෙන නිසා. කොහොම හරි මහාචාර්යතුමා තව ටිකක් කතා කරල පවුලෙ විස්තර එහෙම අහන කොට තමයි දැන ගෙන තියෙන්නෙ ඔක්කොමත් හරි මේ මනුස්සය අලුත බැඳපු ඉංජිනේරුවෙක් කියල.

දැන් නම් මහාචාර්යතුමාට ෆුල් අවුල් ලු. ඇයි දෙයියනේ බැඳපු අලුත තරුණයෙකුට මෙහෙම ජීවිතයක් ගෙවන්න වුනාම. ඒක කමක් නෑ කිව්වත් අලුත් මනමාලිට කොහොම ඇද්ද කියල හිතා ගන්න පුලුවන්නෙ. ඒ පාර දුක හිතුන මහාචාර්යතුමා කිව්වලු:

"මට තේරෙනව පුතා. කමක් නෑ. ඔයා ලෙක්චර් එකට ඇවිත් පැත්තකට වෙලා හොඳට නිදා ගන්න. යද්දි නෝට්ස් ටික මගෙන් ඉල්ල ගන්න. අහ ගන්න දෙයක් තියෙනව නම් ඕනෙ වෙලාවක අපේ ගෙදර හරි ඇවිත් අහ ගන්න" කියල.

අපේ යාලුවත් ඉතින් ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවෙ කියල මහාචාර්යතුමාට ගොඩක් ස්තූති කරල පැත්තකට වෙලා හොඳට නිදා ගත්තලු. අර කිව්ව වගේ යද්දි නෝට්ස් ටිකත් ඉල්ල ගෙන ගියාලු.

සති දෙක තුනකට පස්සෙ දවසක අපේ මහාචාර්යතුමා ලෙක්චර් එකට එන කොට අපේ යාලුව පුදුම සතුටකින් ලෙක්චර් ඇවිත්ලු. ඒ විතරක් නම් මදෑ, රස කැවිලිත් මහ තොගයක් අර ගෙන ඇවිත් පන්තියටම බෙදනවලු. අපේ කට්ටියත් ඉතින් දන් නැද්ද "ජාතකෙන් වැඩක් නෑ සාදු කියපල්ල" කියල කාරනෙත් දන් නැතුව රස කැවිලි ටිකට වැඩේ දෙනවලු. මහාචාර්යතුමා දැකපු ගමන් මනුස්සය ගිහිල්ල එතුමටත් ඇල්ලුවලු රස කැවිලි.

එතකොට මහාචාර්යතුමා ඇහුවලු:

"මොකද ගම් පළාතට මාරුවක් වත් හම්බ උනාද" කියල.

ඒ පාර අපේ යාලුව සතුටින් ඉපිලිලා කට පුරා උත්තර දෙනවලු:

"නෑ සර්. මගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්" කියල.
නෑ සර්. මගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්... (ගත්තෙ මෙතනින්)

ඉමේජස් නම් උස්සපුව හොඳේ. 

Sunday, April 28, 2013

කිරිකෝඩු දෙයියා

මේ කියන්න යන්නෙ දෙයියා කෝඩුවෙම සිරීපාදෙ ගිය ගමන ගැන. වැඩියත්ම මේක දාන්න හේතු උනේ ඒ ගමනට අදට අවුරුද්දක් පිරෙන නිසා. ඉතින් ඔක්කොටම කලින් සිරීපාද අඩවියට අධිපති සුමන සමන් දෙවියන්ට නමස්කාර කරල මම මාවම දෙයියා නමින් හඳුන්වා ගන්න එක ගැන සමාව අයැද සිටිනව.

ජීවිතේ එක සැරයක් හරි සිරීපාදෙ යන එක සෑම බෞද්ධයකුගෙම බලාපොරොත්තුවක් සහ ප්‍රාර්ථනාවක්. මම බෞද්ධයො ගැන කිව්වෙ අනිත් ආගම්වල අයත් සිරීපාදෙ ගියාට ඒ වගේ බලාපොරොත්තුවක් ඇතුව දැඩි භක්තියකින් සූදානම් වෙලා යනවද කියන එක නොදන්න හින්ද. අර අපේ ඇමතිවරයෙකුත් කියල තිබුනනෙ එයාට පක්ෂයෙ වැඩ හින්ද සිරීපාදෙ යන්නවත් බැරි උනා කියල. ඒ කියන්නෙ පක්ෂය වෙනුවෙන්ම කැප උනා මිසක් තමන්ට සංස්කෘතියෙන්ම ආපු සිරීපාදෙ වැඳ පුදා ගැනීමේ ප්‍රාර්ථනාවවත් ඉටු කර ගන්න බැරි උනා කියන එකනෙ.

ඉතින් ඒ කියපු බලාපොරොත්තුව කාලයක් තිස්සෙ මගෙ හිතෙත් තිබුන. කීප සැරයක් ගෙදර අයත් එක්ක යන්න උත්සාහ කරත් ඒක හරි ගියෙ නෑ. මම අම්මට කිව්වොත් සිරීපාදෙ යමු කියල අම්ම කියනව එහෙම සිරීපාදෙ තනියම යන්න බෑනෙ සීයටවත් කියල නඩයක් එකතු කර ගෙන යමු කියල. ඒ නඩේ ඉතින් කවදාවත් එකතු වෙන නඩයක් නෙවෙයි. ටික කාලෙකින් ආයෙත් මතක් කරොත් ඒ තැටියම තමයි. කොහොම හරි කැම්පස් අවුට් වෙලා පලවෙනි ජොබ් එකට එනකම්ම බැරි උනා වැඩේ කර ගන්න.

පලවෙනි ජොබ් එකේදි තමයි වැඩේ කෙරෙන තැනකට කතා කරන කෙනෙක් මට හම්බ උනේ. ඒ අමිල මල්ලි. මල්ලි උනාට එයා නම් කලින් ගිහින් තියෙනව සිරීපාදෙ. මිනිහගෙ ප්ලෑන් එක හරිම සිම්පල්. ඒ වගේම එක්ස්ප්‍රස්. කොහොමත් ඒ දවස්වල හැටියට සෙනසුරාදත් හාෆ් ඩේ වැඩ කරන නිවාඩු ගන්නත් අමාරු තත්වයක් යටතෙ ඒ වගේ ප්ලෑන් එකක් තමයි හරි යන්නෙ. ඔන්න බලා ගන්නකො ප්ලෑන් එක විස්තර වශයෙන්.

2012 අප්‍රේල් 28 සෙනසුරාද අපි උදේ වරුව ඔෆීස් එ‍කේ වැඩ කලා. රෑ අටට කොටුවෙන් පිටත් වෙන බදුල්ල තැපැල් කෝච්චියට නැග්ග. අපේ ගමනාන්තය හැටන්. රෑ කෑම වේල කෝච්චියේ යන ගමන් කාපු බීපු ඒවයින්ම පිරිමහ ගත්ත. ඔහොම ගිහින් හැටන් වලින් බහින කොට පහුවදා පාන්දර දෙකයි. එතනදි තමයි ප්ලෑන් එක චුට්ටක් අවුට් ගියේ. කෝච්චියෙන් බැහැල අපි දෙන්නා ස්ටේෂන් එකටම වෙලා අපේ අම්ම ඔතල දීපු බත් එක කෑව. කාල එලියට එනකොට තමයි මලයට මතක් උනේ ඒ කෝච්චියේ එන සිරීපාද බැතිමතුන් නල්ලතන්නිය දක්වා ගෙනියන්න බස් එකක් ස්ටේෂන් එකෙන් එලියෙ නවත්තල තියෙනව කියල. ඉතින් ඒ බස් එක අපි බත් එක කාල එනකම් බලන් ඉන්නවයැ.


මෙතන තමයි අපි බත් එක කකා හිටියෙ එලියෙ තිබ්ච්ච බස් එක යනකම්...
කරන්න දෙයක් නැති තැන අපි පයින්ම ටවුමට ඇවිත් තේ එකක් එහෙම බීල යන්න විදියක් විපරම් කරන කොට තමයි ත්‍රීවීල් අයිය කෙනෙක් සෙට් උනේ. එයත් එක්ක නල්ලතන්නියට යන්න අපි තීරනය කලේ ඊලඟ බස් එක තියෙන්නෙ උදේ හයට නිසා. ඒ ගමනට හයර් එක රුපියල් එක්දාස් දෙසීයක්ද කොහෙද ගෙවන්න උනා. කොහොම හරි පාන්දර හතරහමාර විතර වෙද්දි අපි නල්ලතන්නියෙ.

එතනින් අවශ්‍යම දේවල් විතරක් අරගෙන අපි සිරිපා කරුනාව පටන් ගත්ත වැඩි වෙලා නොයවා. සීත ගඟුලෙන් නාගෙන යන එක චාරිත්‍රය උනාට මොකද වතුර නම් අයිස් වගේ. ඒකෙන් නෑව නම් දැන් උනත් යන කෙනෙකුට අපේ පිලිම දෙක බලන්න තිබුන සීත ගඟුල ලඟ. ඒ නිසා චාරිත්‍රය පැත්තක තියල යන්තම් මූන කට හෝදගෙන අපි පිටත් උනා. වීරය වගේ නගින්න ගත්තට ටික දුරක් යනකොටම මහන්සි වෙලා හති දාන්න ගත්ත. ඒ නිසා නැවතුන තැන් ගාන නම් මතකත් නෑ. හැමතැනම වගේ කඩ දාල තිබුන නිසා ඒවයෙන් මොනව හරි කාල බීල ගිමන් ඇරල හෙමීට හෙමීට සිරිපා කරුනා කරපු අපි උඩමලුවට පිවිසෙනකොට උදේ අටහමාරයි.

අමාරුවෙන් සිරිපා කරුනා කරමින්...
අරගෙන ආපු සුදු ෂර්ට් එක ඇඳගත්තෙ එතනදි. ඊට පස්සෙ උඩට නැගල සිරිපාද පද්මය ලඟ ඔලුව බිම ඔබල වැන්ද. ඊලඟට දේවාලෙට ගිහින් අම්ම දුන්න පඬුර ගැටගහද්දි ඉබේම ඇස්වලට කඳුලු ආවෙ ආයෙ කවදාවත් සිරීපාදෙ එන්න ලැබෙන්නැති අම්මයි තාත්තයි වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කලා කියන හැඟීම නිසාමයි. තවත් ටික වෙලාවක් උඩමලුවෙ වාඩිවෙලා හිටපු අපි දෙන්න එන්න පිටත් උනා.
උඩමලුවෙදි...
බහින එක ගොඩක් අමාරු නොවුනට නැගපු මහන්සියත් තිබුන නිසා බහින එකත් එච්චර ලේසි උනේ නෑ. කොහොම හරි දවල් දොලහ විතර වෙනකොට අපි පහලට ඇවිත් තිබුන. පොඩ්ඩක් පරක්කු උනේ ජපන් සාම විහාරයයි චෛත්‍යයයි බලන්න ගිය නිසා. ආ තව මලයට නාන්න ඕනි කියපු නිසා නාන්න ගියා. මම නම් නෑවෙ නෑ ඉතින්. එන ගමන් ගෙදර අයටයි ඔෆිස් එකේ අයටයි අරන් යන්න දොදොල් ටිකක් ගන්නත් අමතක කරේ නෑ. ඒ උනාට ඒ දොදොල් කාපු සමහර අයගෙ ප්‍රතිචාරය මතක් වෙනකොට නම් තාම දුක හිතෙනව.

තව ඉතින් කියන්න තියෙන්නෙ බොහොම ටිකයි. පහල හෝටලේකින් දවල් කෑම කාල එලියට එනකොටම නල්ලතින්නිය-හැටන්-කොලඹ ශ්‍රීලංගම බස් එක පිටත් වෙන්න හදනව දැක්ක. එතකොට හවස දෙකට විතර. සීට් එකට බර වෙලා මහන්සියටත් එක්ක අතරින් පතර නින්දක් එහෙම දාගෙන කොලඹට ඇවිත් ගෙදර යනකොට රෑ අටහමාරට විතර ඇති.

ඔන්න ඔහොමයි දෙයිය කෝඩුවෙම සිරීපාදෙ ගියේ. හරිම සිම්පල්නෙ. හරියට බැලුවොත් දවසයි ගිහින් තියෙන්නෙ. සෙනසුරාද හාෆ් ඩේ වැඩත් කරල රෑ සිරීපාදෙ ගිහින් ඉරිද රෑ වෙද්දි ගෙදරත් ඇවිත් සඳුද වැඩටත් ගියා අපි කකුල් කෙඩෙත්තුවවත් බලන්නෙ නැතුව. ඔය කතාව අහපු ගොඩ දෙනෙක් මාත් එක්ක කිව්ව ඔහොම තමයි බං මේ කාලෙ ඔය වගේ ගමනක් යන්න තියෙන්නෙ කියල. එහෙනම් ඒ වේ ගමනක් එක්ක ගිහින් ොකු පික් කර ගත්තු අමිල මල්ලිට ස්ුති කරමින් පින් දෙමින් ලිපිය අවසන් කරනව.

Thursday, April 25, 2013

දෙයියගෙ කාමරේ කට්ටිය

දෙයියගෙ කාමේ කිව්වම බය වෙන්න කාරි නෑ ෝ අසභ්‍ය වල් එහෙම තියෙනව කියලයැ. අනික ේ කියන්න යන්නෙ මගෙම කාමේ ගැන නෙවෙයි. කාලෙකට කලින් කැම්පස් එේ අන්තිම අවුරුද්දෙ හිටපු ොස්ටල් කාමේ ගැන. හරියටම කියනව නම් කෙ හිටපු සෙට් එක ගැන. ඔන්න බලා ගන්නො අඳුනන අය එහෙම ඉන්නවද කියල.

ඔන්න අසභ්‍ය එහෙම නෑ හොඳේ... ඔක්කොම කොල්ලො ඉන්නෙ...

ඔය ඉන්නෙ උන් ටික තමා. දෙයිය නෑනෙ. හෙද ඉතින් උෝ එක ගන්න මිසඒකට ඉන්න සිහියක් තිබුනෙ නෑනෙ. ඒ නිසා කාමසෙට් එකම එකට ඉන්න ෝ එකක් තාම ගන්න බැරි උනා. දැන් ඉතින් කෙන් කමක් නෑ. කෙ ඉන්න උන් ගැන ලියන්නම්ො.

කෙක් තමයි අමරෙ. උට අමෙ කියන්නෙ ඇයි කියල අපි දැන ගත්තෙත් සෑහෙන කාලෙකට පස්සෙ. නහෙවත් එහෙම කෑල්ලක් නෑ. බලන ොට කැම්පස් එේ බිල්ඩිමක නමක් වරද්දල අම කෑල්ලක් තියෙන නමක් කියල. එදා ඉඳන් ඌ අමරෙ. ොම හරි මිනිහ තමයි සෙට් එේ සුපිරිම ක ඩයල් එක. රෙන්න අනිත් ඔක්ොම ඒක අවිවාදයෙන් පිලි ගන්නව. හැබැයි ෙක්ස් කට් කරනව. බලාගෙන ලියන ෝට්ස් වරද්දනව. ගනන්වල එහෙම කරන සමහර වැරදොඩි කාලෙන් පස්සෙ අපිවත් කරල නෑ. ඒ උනාට රිසල්ට්ස් සුපිරි. අේ ඉතින් ේව ඉරිසියාවට එහෙම නෙවෙයි මචං කියන්නෙ. උඹ දන්නවනෙ. ආ තව එකක් අමතක උනා. මුගෙ ෝක්ස් ටිකත් රිසල්ට්ස් වේම සුපිරි. අපරාදෙ ෝක්ස් කියල වෙන එකෙකුට කාඩ් එකක් දාල තිබුනෙ නැත්නම් මුට තමයි අනිව ඒක දාන්න වෙන්නෙ. ෝක්ස්වල තරම හිතා ගන්න කතාවක් කියන්නම්ො. අපි ඔක්ොටම රිේෂන්ෂිප් ඇඩ්වයිස් දෙන්නෙ මූ තමයි. ඒ දවස්වල මුගෙ කේ තියෙන්නෙ සිමිලර් කැපසිටි. කියන්නෙ බඳිනවනම් තමන්ගෙ මට්ටේම කෙල්ලෙක් බැඳගන්න නෙලු. ඒ උනාට අපට ඔච්චර ෝක්ස් දීපු මූ යාලු උේ කැම්පස් ඉන්න අතරෙ ගෑනු ලමයෙකුට ක්ලාස් කරන්න ගිහින් එයත් එක්ක. අනිත් උන් වයස දැනගන්න නිසා මිසක් නැත්නම් කියන්න තිබුන ොන එක්සෑම් එකටද ක්ලාස් කරන්න ගිේ කියලත්. ඔය මදැයි මඩ ගැහුව .

කෙ තව ඉන්නව ගයිය කියල එකෙක්. උට නම් කාඩ් එක හැදුනෙ දෙයියට හැදුන ඇත්ත නමින්ම තමයි. ඌ නම් ටිකක් අමුතුයි. ඒ කිව්වෙ පිටසක්වලයෙක් වනෙවෙයි. ඇක දාන වෙලාවට ඇකම තමයි. එකම ෝට්ස් ටික විසි තිස් පාරක් උනත් යෙ යෙ කියවයි එක දිගට. වෙලාවට කවුරු හරි බාදා කොත් නම් මල පනිනව. උට කෙල්ලෙක් හිටියද කියන එක නම් කවුරුත් දන්නෑ හරියට. හැබැයි කාලෙකට එක කෙල්ලෙක් ගැන කියනව. යෙ ටික දවසක් යද්දි කියන්නෙ වෙන කෙල්ලෙක් ගැන. අතරින් පතර අර පරන කෙල්ො ගැනත් කියවෙනව. ොම හරි මූ කෙල්ො ගැන කියන ඒවයෙ හැටියට ම් එක කෙල්ලෙක් හරි බොම ලඟින් ආස්සේ කරල තියෙන්න නෙ. ොකද කියනව නම් කෙල්ලන්ගෙ ශරීර අංග ගැන විතරක් නෙවෙයි තව තව ඒව ගැනත් ලුනු ඇඹුල් ඇතුව තයි මූ කතා කරන්නෙ.

අනිත් එකා තමයි උේෂ්. කාඩ් ොකුත් නැති නිකම්ම උේෂ්. ඌ කාටත් කරදරයක් නැතුව විතරක් නෙවෙයි ොඩක් මහන්සි වෙලා පිලිවෙලට වැඩ කරපු ොල්ලෙක්. ඇකඩමික් වැඩ වේම බැච් එොදු වැඩ උනත් ොම කැප වීමෙන් කරපු කෙක්. කිසිම වෙලාවක උට නම් මල පනිනව දැකල නෑ කවුරුවත්ම. ඒ වගේම තමයිොම්පියුටර් හෙම නැත්නම් ොෆ්ට්වෙයා ගැන නෙම ගැටලුවක් අපි උනත් අරන් ගිඌ ගාවටම තමයි. මෙච්චර විස්තර කියල උගෙ ආදර කතාව ගැන කිව්වෙ නැත්නම් ඒක ොකුම ොකු අඩුවක්. ඒකට ේතුව ගෙ ආදර කතාව ඒ දවස්වලත් දශකයකට වඩා පරන එකක් වීම. ඉතින් ආදපහුගිය දවසක මල්පල ගැනවුනු බවත් අමරෙට සහ දෙයියටත් වෙලාවට එකතු වෙන්න ලැබුනු බවත් ොම සතුටින් සිහිපත් කරනව.

දැන් ඉතින් අනිත් අය තරහ වෙන්න එපා මාත් එක්ක. ඔය ලිව්වෙ රූම් එේ තුන්දෙනා තැන විතරයි. තව ලියන්න නෙ අය ොඩක් ඉන්නව. ඒව ඉස්සරහට. ඒ වේම උඹල තුන්දෙනගෙන් කාට හරි දෙයිය ගැනත් ොනව හරි ලියන්න තියෙනව නම් ේකට යටින් ලිව්වට කමක් නෑ.