නුගේගොඩ තලපත්පිටිය කාර්යාලයෙ තිබුන ඉන්ටවිව් ගිහින් බලනකොට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති කීපයකටම ඉංජිනේරුවො ගන්න හොයනව කියල තමයි මට තේරුනේ. මගෙන් ඇහුවෙ ප්‍රශ්න දෙකයි.
ප්‍රශ්නය - උතුරෙ වැඩ කරන්න යන්න කැමතිද?
පිළිතුර - ඒ පැත්තට යන්න නම් එච්චර කැමැත්තක් නෑ. මට ගම්පහ, කෑගල්ල, කුරුණෑගල පැත්තෙන් ලැබුනොත් නම් යන්න කැමතියි
ප්‍රතිචාරය - ඒ පැතිවල නම් අපේ වේකන්සි නෑ දැනට. ඉස්සරහට ආවොත් කියන්නම්
ඉන්ටවිව් එක මේ වගේ තමයි... නෝනෙක් නම් හිටියෙ නෑ හැබැයි... |
පිළිතුර - xxxxx වත් ඕනි
ප්‍රතිචාරය - අපේ ප්‍රොජෙක්ට් එකේ එච්චර ගෙවන්නෙ නෑ. xxxxx තමයි මේ පෝස්ට් එකේ පඩිය. ඔයාට යන්න පුලුවන්
ප්‍රශ්න දෙකකින් ඉවර වෙච්ච, කිසිම ටෙක්නිකල් ප්‍රශ්නයක්වත් අහපු නැති ඉන්ටවිව් එකක් ඉවර වෙලා එලියට බැස්සම තමයි දන්නෙ උතුරට යන්න කැමතියි කියපු බැචාල දෙන්නෙකුට "ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් එනකම් ඉන්න" කියල කිව්ව කියල. හිතේ තිබුන අන්තිම බලාපොරොත්තුවත් එතනින්ම නැති කරගෙන ගෙදර ආපු මම පුදුමෙනුත් පුදුමෙට පත්වුනේ "ඔබ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දෙවන ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කෑගල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවරයා ලෙස පත්කර ඇති බව සතුටින් දැනුම් දෙමි" කියල ලියුමක් මාසෙකට විතර පස්සෙ ලැබුනමයි.
මම ඕක අහල තියෙන්නෙ සෙනසුරාගෙ කුණ්ඩලාභරණය කියල නෙවෙයි සිකුරාගෙ කුණ්ඩලාභරණය කියල.
ReplyDeleteමොන කුණ්ඩලාභරණෙද ???
Deleteඉතින් දැන් බාර ගත්තද රස්සාව
ReplyDeleteමෙව්ව වෙලා ටිකක් කල් අනේ. ඒක බාර ගත්ත විතරක් නෙවෙයි ඒකෙන් අයින් වෙලත් දැන් මාස තුනක් විතර වෙනව. ඔක්කොම විස්තර ලියන්නම්කො ඉස්සරහට. කියෙව්වට බොහොම ස්තූතියි.
Deleteතවත් ඉන්ජෙකුගේ බ්ලොග් එකක් , පස්සේ එන්නං අනිත්වා කියවන්න
ReplyDeleteඅනිවා එන්න... මග බලන් ඉන්නව එනකම්... අටම්පහුර නම් සෑහෙන්න කියවනව මම... :D
Delete