Saturday, October 5, 2013

ගැමිදිරිය 1 - ඉන්ටවිව් එක

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සිවිල් ඉංජිනේරුවන්ට රැකියා අවස්ථා තියෙනව කියල මම මුලින්ම දැනගත්තෙ අපේ ඊ-මේල් ගෘප් එකට ආපු ඊ-මේල් එකකින්. තව ටිකක් හොයල බලන කොට තනතුරේ නම දිස්ත්‍රික් ඉංජිනේරු කියල දැනගත්තම ඒකට යන්න තවත් ආස හිතුන. ඒ නිසාම ඒ වෙනකොටත් එතනට ගිහින් හිටිය යාලුවෙක්ගෙ මාර්ගයෙන් සී.වී. එකක් දාල මම ඉන්ටවිව් එකට ගියේ පළවෙනි ජොබ් එකේ ඉන්න ගමන්ම 2012 මැයි-ජූනි විතර වගේ.

නුගේගොඩ තලපත්පිටිය කාර්යාලයෙ තිබුන ඉන්ටවිව් ගිහින් බලනකොට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති කීපයකටම ඉංජිනේරුවො ගන්න හොයනව කියල තමයි මට තේරුනේ. මගෙන් ඇහුවෙ ප්‍රශ්න දෙකයි.

ප්‍රශ්නය - උතුරෙ වැඩ කරන්න යන්න කැමතිද?
පිළිතුර - ඒ පැත්තට යන්න නම් එච්චර කැමැත්තක් නෑ. මට ගම්පහ, කෑගල්ල, කුරුණෑගල පැත්තෙන් ලැබුනොත් නම් යන්න කැමතියි
ප්‍රතිචාරය - ඒ පැතිවල නම් අපේ වේකන්සි නෑ දැනට. ඉස්සරහට ආවොත් කියන්නම්
ඉන්ටවිව් එක මේ වගේ තමයි... නෝනෙක් නම් හිටියෙ නෑ හැබැයි...
ප්‍රශ්නය -
පඩිය කීයක් බලාපොරොත්තු වෙනවද?
පිළිතුර - xxxxx වත් ඕනි
ප්‍රතිචාරය - අපේ ප්‍රොජෙක්ට් එකේ එච්චර ගෙවන්නෙ නෑ. xxxxx තමයි මේ පෝස්ට් එකේ පඩිය. ඔයාට යන්න පුලුවන්

ප්‍රශ්න දෙකකින් ඉවර වෙච්ච, කිසිම ටෙක්නිකල් ප්‍රශ්නයක්වත් අහපු නැති ඉන්ටවිව් එකක් ඉවර වෙලා එලියට බැස්සම තමයි දන්නෙ උතුරට යන්න කැමතියි කියපු බැචාල දෙන්නෙකුට "ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් එනකම් ඉන්න" කියල කිව්ව කියල. හිතේ තිබුන අන්තිම බලාපොරොත්තුවත් එතනින්ම නැති කරගෙන ගෙදර ආපු මම පුදුමෙනුත් පුදුමෙට පත්වුනේ "ඔබ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දෙවන ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කෑගල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවරයා ලෙස පත්කර ඇති බව සතුටින් දැනුම් දෙමි" කියල ලියුමක් මාසෙකට විතර පස්සෙ ලැබුනමයි.