ජීවිතේ එක සැරයක් හරි සිරීපාදෙ යන එක සෑම බෞද්ධයකුගෙම බලාපොරොත්තුවක් සහ ප්‍රාර්ථනාවක්. මම බෞද්ධයො ගැන කිව්වෙ අනිත් ආගම්වල අයත් සිරීපාදෙ ගියාට ඒ වගේ බලාපොරොත්තුවක් ඇතුව දැඩි භක්තියකින් සූදානම් වෙලා යනවද කියන එක නොදන්න හින්ද. අර අපේ ඇමතිවරයෙකුත් කියල තිබුනනෙ එයාට පක්ෂයෙ වැඩ හින්ද සිරීපාදෙ යන්නවත් බැරි උනා කියල. ඒ කියන්නෙ පක්ෂය වෙනුවෙන්ම කැප උනා මිසක් තමන්ට සංස්කෘතියෙන්ම ආපු සිරීපාදෙ වැඳ පුදා ගැනීමේ ප්‍රාර්ථනාවවත් ඉටු කර ගන්න බැරි උනා කියන එකනෙ.
ඉතින් ඒ කියපු බලාපොරොත්තුව කාලයක් තිස්සෙ මගෙ හිතෙත් තිබුන. කීප සැරයක් ගෙදර අයත් එක්ක යන්න උත්සාහ කරත් ඒක හරි ගියෙ නෑ. මම අම්මට කිව්වොත් සිරීපාදෙ යමු කියල අම්ම කියනව එහෙම සිරීපාදෙ තනියම යන්න බෑනෙ සීයටවත් කියල නඩයක් එකතු කර ගෙන යමු කියල. ඒ නඩේ ඉතින් කවදාවත් එකතු වෙන නඩයක් නෙවෙයි. ටික කාලෙකින් ආයෙත් මතක් කරොත් ඒ තැටියම තමයි. කොහොම හරි කැම්පස් අවුට් වෙලා පලවෙනි ජොබ් එකට එනකම්ම බැරි උනා වැඩේ කර ගන්න.
පලවෙනි ජොබ් එකේදි තමයි වැඩේ කෙරෙන තැනකට කතා කරන කෙනෙක් මට හම්බ උනේ. ඒ අමිල මල්ලි. මල්ලි උනාට එයා නම් කලින් ගිහින් තියෙනව සිරීපාදෙ. මිනිහගෙ ප්ලෑන් එක හරිම සිම්පල්. ඒ වගේම එක්ස්ප්‍රස්. කොහොමත් ඒ දවස්වල හැටියට සෙනසුරාදත් හාෆ් ඩේ වැඩ කරන නිවාඩු ගන්නත් අමාරු තත්වයක් යටතෙ ඒ වගේ ප්ලෑන් එකක් තමයි හරි යන්නෙ. ඔන්න බලා ගන්නකො ප්ලෑන් එක විස්තර වශයෙන්.
2012 අප්‍රේල් 28 සෙනසුරාද අපි උදේ වරුව ඔෆීස් එකේ වැඩ කලා. රෑ අටට කොටුවෙන් පිටත් වෙන බදුල්ල තැපැල් කෝච්චියට නැග්ග. අපේ ගමනාන්තය හැටන්. රෑ කෑම වේල කෝච්චියේ යන ගමන් කාපු බීපු ඒවයින්ම පිරිමහ ගත්ත. ඔහොම ගිහින් හැටන් වලින් බහින කොට පහුවදා පාන්දර දෙකයි. එතනදි තමයි ප්ලෑන් එක චුට්ටක් අවුට් ගියේ. කෝච්චියෙන් බැහැල අපි දෙන්නා ස්ටේෂන් එකටම වෙලා අපේ අම්ම ඔතල දීපු බත් එක කෑව. කාල එලියට එනකොට තමයි මලයට මතක් උනේ ඒ කෝච්චියේ එන සිරීපාද බැතිමතුන් නල්ලතන්නිය දක්වා ගෙනියන්න බස් එකක් ස්ටේෂන් එකෙන් එලියෙ නවත්තල තියෙනව කියල. ඉතින් ඒ බස් එක අපි බත් එක කාල එනකම් බලන් ඉන්නවයැ.
මෙතන තමයි අපි බත් එක කකා හිටියෙ එලියෙ තිබ්ච්ච බස් එක යනකම්... |
එතනින් අවශ්‍යම දේවල් විතරක් අරගෙන අපි සිරිපා කරුනාව පටන් ගත්ත වැඩි වෙලා නොයවා. සීත ගඟුලෙන් නාගෙන යන එක චාරිත්‍රය උනාට මොකද වතුර නම් අයිස් වගේ. ඒකෙන් නෑව නම් දැන් උනත් යන කෙනෙකුට අපේ පිලිම දෙක බලන්න තිබුන සීත ගඟුල ලඟ. ඒ නිසා චාරිත්‍රය පැත්තක තියල යන්තම් මූන කට හෝදගෙන අපි පිටත් උනා. වීරය වගේ නගින්න ගත්තට ටික දුරක් යනකොටම මහන්සි වෙලා හති දාන්න ගත්ත. ඒ නිසා නැවතුන තැන් ගාන නම් මතකත් නෑ. හැමතැනම වගේ කඩ දාල තිබුන නිසා ඒවයෙන් මොනව හරි කාල බීල ගිමන් ඇරල හෙමීට හෙමීට සිරිපා කරුනා කරපු අපි උඩමලුවට පිවිසෙනකොට උදේ අටහමාරයි.
අමාරුවෙන් සිරිපා කරුනා කරමින්... |
උඩමලුවෙදි... |
තව ඉතින් කියන්න තියෙන්නෙ බොහොම ටිකයි. පහල හෝටලේකින් දවල් කෑම කාල එලියට එනකොටම නල්ලතින්නිය-හැටන්-කොලඹ ශ්‍රීලංගම බස් එක පිටත් වෙන්න හදනව දැක්ක. එතකොට හවස දෙකට විතර. සීට් එකට බර වෙලා මහන්සියටත් එක්ක අතරින් පතර නින්දක් එහෙම දාගෙන කොලඹට ඇවිත් ගෙදර යනකොට රෑ අටහමාරට විතර ඇති.
ඔන්න ඔහොමයි දෙයිය කෝඩුවෙම සිරීපාදෙ ගියේ. හරිම සිම්පල්නෙ. හරියට බැලුවොත් දවසයි ගිහින් තියෙන්නෙ. සෙනසුරාද හාෆ් ඩේ වැඩත් කරල රෑ සිරීපාදෙ ගිහින් ඉරිද රෑ වෙද්දි ගෙදරත් ඇවිත් සඳුද වැඩටත් ගියා අපි කකුල් කෙඩෙත්තුවවත් බලන්නෙ නැතුව. ඔය කතාව අහපු ගොඩ දෙනෙක් මාත් එක්ක කිව්ව ඔහොම තමයි බං මේ කාලෙ ඔය වගේ ගමනක් යන්න තියෙන්නෙ කියල. එහෙනම් ඒ වගේ ගමනක් එක්ක ගිහින් ලොකු පිනක් කර ගත්තු අමිල මල්ලිට ස්තුති කරමින් පින් දෙමින් මේ ලිපිය අවසන් කරනව.
ඔය විදිහට ක්ෂණික නූඩ්ල්ස් වගේ සෙට් වෙන ට්‍රිප් තමයි යැවෙන්නෙ. නැකැත් බලලා, බුලත් දීල සෙට් කරන ඒවා මගදිම ලොප් වෙනවා.
ReplyDeleteඔය විදිහටම අපි ට්‍රේනින් ඉන්න කාලෙ මායි,ලාසයි,ලවුඩයි,සුදු මල්ලියි හබරණින් සෙට් උනා "නිලාවේලි" යන්න. අන්තිමේදි නිලාවේලි, මුතූර්, සේරුවිල, කන්තලේ ඔය හැම තැනම කැරකිලා තමා ගමන ඉවර උනේ... :D :D
ඒක නම් ඇත්ත මචං. මේ කාලෙ ඔහොම ට්‍රිප් තමයි යන්න ඕනෙ. එහෙම යන එකෙත් තියෙනව අමුතුම ආතල් එකක් :P
DeletePatta kathawa machan....ela ela...........
ReplyDeletethanks machan :)
Deletedan kattiyama dannawa wage blog eka gena, mata oya paththen hoda prathichara enawa digatama :P