ගම්ලත් රාලලාගේ කස්සප දෙව්මිණි ගම්ලත්
මේ ඉන්නෙ මං දෙයියා... |
ඒ ලෙවල් වලට ආවම ඒ නමත් වෙනස් උනා. ඒ ලෙවල් පන්තියෙදි අර කලින් හිටපු යාලුවො කවුරුත් නැතුව අලුත්ම සෙට් එකක් තමයි හම්බ උනේ. ඉතින් ඔක්කොමල ලමයින්ගෙ නම් ලිස්ට් එකෙන් නම දැන ගත්ත මිසක් කවුරුවත් අහල දැන ගත්තෙ නෑ නම මොකද්ද කියල. ලිස්ට් එකෙන් දැන ගත්තෙ සර්නේම් එක නිසා එදා ඉඳන් මම ගම්ලත් උනා.
ඊට පස්සෙ කොහොම හරි කැම්පස් ආවනෙ. එතනදිත් ගම්ලත්ම තමයි. කැම්පස් එකේ පලවෙනි අවුරුද්ද නම් මම මතක් කරන්නත් අකමැතියි. ඒ කාලෙ මම ගොඩක් යාලුවො අඳුන ගත්තෙත් නෑ. බෝඩ් උනෙත් නෑ. ලෙක්චස් ගියා මිසක් සාමාන්‍යයෙන් ඒ කාලෙ තියෙන බාහිර වැඩවලට ගියෙත් නෑ. උගන්නන ඒව තේරුනෙත් නෑ. ඇත්තටම මට කැම්පස් එක අත අරින්න හිතුන වෙලාවලුත් තියෙනව. කොහොම හරි තනියෙන්ම මහන්සි වෙලා යන්තම් රිපීට් නැතුව ගොඩ දාගත්ත හින්ද කවදාවත් හිතපු නැති ෆීල්ඩ් එකකට සිලෙක්ට් උනා. ඒ තමයි සිවිල් ඉංජිනියරින්.
එතනදි තමයි ජීවිතේ ආයෙ වෙනස් උනේ. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ආස කරපු කියමනක් තමයි දෙවෙනි ලෝක යුද්ද කාලෙ ඇමරිකානු හමුදා ජෙනරල් කෙනෙක් වෙච්ච ජෝජ් පැටන් මහත්තයගෙ "Success is how high you bounce after you hit bottom" කියන එක. ඒ කියන්නෙ අපි යම් තැනකදි පතුලටම වැටුනම එතනින් නැවත ඉහලට එන තරම තමයි අපේ සාර්ථකත්වය කියන එක. ඒක කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ ඉඳන් මට ගොඩක් අදාල උනා. එතනදි අඳුන ගත්ත සෙට් එක තමයි මට පලවෙනි පාරට කාඩ් එකක් දැම්මෙ දෙයියා කියල. ඒක හදා ගත්තෙ දෙව්මිණි කියන නමින්. එදා ඉඳන් යාලුවො අතරෙ මම දෙයියා. ඉතින් ඒ සෙට් එකත් එක්ක තමයි මම මගෙ ජීවිතේ ගොඩක් දේවල් හදා ගෙන ඉස්සරහට ආවෙ. උන් ටික ගැන වෙනම පෝස්ට් එකක් දාන්න ඕනෙ.
ඊට පස්සෙ හා පුරා කියල ජොබ් එකකට ආවම මම ආපහු ගම්ලත් උනා. මම හැමෝටම මාව අඳුන්නල දුන්නෙ ඒ නමින්. අනේ ඉතින් එතන සෙට් එකත් ලෝබ නැතුව ගම්ලත් කියල තමයි කතා කරේ සහ අදටත් කතා කරන්නෙ. කෙල්ලො ටිකත් ඇතුලුව. එයාලගෙන් තමයි කැම්පස් එකේ අවුරුදු හතරක් ඉඳලත් කෙල්ලො ගැන ටිකක් හරි ඉගෙන ගත්තෙ. හැබැයි මාස අටකින් විතර ඒ ජොබ් එකට සමුදීල ගියේ ඊටත් වඩා වගකීම් වැඩි එකකට. එතනදි ගම්ලත් මහත්තය කියල විතරක් නෙවෙයි ගම්ලත් සර් කියලත් අහගන්න උනා මට. ඒ හැම තැනදිම හම්බ උන අය ගැන ගොඩක් දේවල් තියෙනව ලියන්න. කොහොම උනත් පළවෙනි ජොබ් එකේදි සයිට්වල වැඩ කරන්න ගියාම ලේබස්ලත් දෙවෙනි එකේදි ඈත ගම්වල වැඩ කරන්න ගියාම ඒ මිනිස්සුත් ගම්ලත් මහත්තය කියන එක හොඳයි කියල හිතුන අනිත් නම් අගට මහත්තය කියල දාල කියනවට වඩා.
හැබැයි දැන් ආපහු පොඩි ප්‍රශ්නයක් තියෙනව නම ගැන. බඳින දවසට කාඩ්වලට එහෙම දෙන්නගෙ නම් දාන්න එපැයි. එතකොට ගම්ලත් කියල දාන්න බෑ සර්නේම් එක නිසා. දෙව්මිණි කියල දාන්නත් බෑ එතකොට බලන අයට කොල්ල කවුද කෙල්ල කවුද කියල වෙන් කරල හොයා ගන්න බැරි වෙයි. ඒ නිසා ආපහු පටන් ගත්ත තැනටම ගිහින් කස්සප කියල තමයි දාන්න වෙන්නෙ. බලමුකො.
පලවෙනි පෝස්ට් එක දිග වැඩි නැතුව ඇති කියල හිතනව. අර අන්තිම කාරනය ගැන වැඩි විස්තරත් පස්සෙ දාන්නම් ඉතින්. එහෙනම් ඊලඟ පෝස්ට් එකෙන් හම්බ වෙමු.
එළකිරි
ReplyDeleteතැන්කියු :)
Deleteජීවිතේ ඔහොම තමයි දෙයියො අපිට ජීවිතේ එක එක කාල වලදී එක එක යාළුවෝ එක එක මනුස්සයෝ මුන ගැහෙනවා අපි අතීතයේ කරපු කියපු දේවල් වල මතකය අනාගතේට ගෙනියනවා
ReplyDeleteඒක තමයි මචං. ජීවිතේ කියන්නෙ හමුවීම් සහ වෙන්වීම් ගොඩක්නෙ. කාලෙකට පස්සෙ හැරිල බලනකොට ඉතුරු වෙලා තියෙන්නෙ ඒ ඒ කාලවල කරපු හපන්කම් මෝඩකම් පුරසාරම්වල එකතුවක් විතරයි මතකයක් විදියට :)
Deleteඅඩේ උඹගෙ නමටත් තියෙන්නෙ මාර විකාශණයක් නෙ... :D .
ReplyDeleteකලින් බ්ලොග් එක වගේ අතර මගදි අත අරින්නෙ නැතුව දිගටම ලියපන්. ජය වේවා!!!!!!!!
ඒකනෙ බං. තව ටික කාලෙකින් සම්පූර්ණයෙන්ම විකාශනය වෙලා නම වෙනස් වෙලාම යයිද දන්නෑ :P
Deleteමේක නම් ලියනව දිගටම. සප් එක දෙන්නකෝ :)
එල එල දිගටම ලියමු.. හොඳ ආරම්භයක්. :)
ReplyDeleteඑල එල දිගටම ලියමි :D
Deleteමට තාම මතකයි උබ ඉස්කෝලේ කාලේ exam ඉවර වෙලා textbook එක කියවනවා. ඒ ටික කියවන්න බැරි උනා කියලා . :). UFO cockpit එකකුත් class එකේ තිබ්බ මටකෛ උබේ මෙසේ :D
ReplyDeleteUFO cockpit එක නම් මතකයි. සිරාවට මම එක්සෑම් ඉවර වෙලත් textbook කියෙව්වද බං? ඒක නම් මතක නෑ මට :(
Deleteපට්ට මචො....එළ කිරි....
ReplyDeleteතෑන්ක්ස් මචං... :)
Deleteෂා නියම කතාවක් ගොඩාක් රසවත් විදියට ඉදිරිපත් කරලා තියනවා
ReplyDeleteබොහොම ස්තූතියි අමිල... දිගටම කියවමු එහෙනම්...
Delete