ඔන්න අසභ්‍ය එහෙම නෑ හොඳේ... ඔක්කොම කොල්ලො ඉන්නෙ... |
ඔය ඉන්නෙ උන් ටික තමා. කෝ දෙයිය නෑනෙ. කොහෙද ඉතින් උට පොටෝ එක ගන්න මිසක් ඒකට ඉන්න සිහියක් තිබුනෙ නෑනෙ. ඒ නිසා කාමරේ සෙට් එකම එකට ඉන්න පොටෝ එකක් තාම ගන්න බැරි උනා. දැන් ඉතින් ඒකෙන් කමක් නෑ. මේකෙ ඉන්න උන් ගැන ලියන්නම්කො.
එකෙක් තමයි අමරෙ. උට අමරෙ කියන්නෙ ඇයි කියල අපි දැන ගත්තෙත් සෑහෙන කාලෙකට පස්සෙ. නමේ කොහෙවත් එහෙම කෑල්ලක් නෑ. බලන කොට කැම්පස් එකේ බිල්ඩිමක නමක් වරද්දල අමර කෑල්ලක් තියෙන නමක් කියල. එදා ඉඳන් ඌ අමරෙ. කොහොම හරි මිනිහ තමයි සෙට් එකේ සුපිරිම ඇක ඩයල් එක. ඌ ඇරෙන්න අනිත් ඔක්කොම ඒක අවිවාදයෙන් පිලි ගන්නව. හැබැයි ලෙක්චස් කට් කරනව. බලාගෙන ලියන නෝට්ස් වරද්දනව. ගනන්වල එහෙම කරන සමහර වැරදි පොඩි කාලෙන් පස්සෙ අපිවත් කරල නෑ. ඒ උනාට රිසල්ට්ස් සුපිරි. අනේ ඉතින් මේව ඉරිසියාවට එහෙම නෙවෙයි මචං කියන්නෙ. උඹ දන්නවනෙ. ආ තව එකක් අමතක උනා. මුගෙ ටෝක්ස් ටිකත් රිසල්ට්ස් වගේම සුපිරි. අපරාදෙ ටෝක්ස් කියල වෙන එකෙකුට කාඩ් එකක් දාල තිබුනෙ නැත්නම් මුට තමයි අනිව ඒක දාන්න වෙන්නෙ. ටෝක්ස්වල තරම හිතා ගන්න කතාවක් කියන්නම්කො. අපි ඔක්කොටම රිලේෂන්ෂිප් ඇඩ්වයිස් දෙන්නෙ මූ තමයි. ඒ දවස්වල මුගෙ කටේ තියෙන්නෙ සිමිලර් කැපෑසිටි. ඒ කියන්නෙ බඳිනවනම් තමන්ගෙ මට්ටමේම කෙල්ලෙක් බැඳගන්න ඕනෙලු. ඒ උනාට අපට ඔච්චර ටෝක්ස් දීපු මූ යාලු උනේ කැම්පස් ඉන්න අතරෙ ගෑනු ලමයෙකුට ක්ලාස් කරන්න ගිහින් එයත් එක්ක. අනිත් උන් වයස දැනගන්න නිසා මිසක් නැත්නම් කියන්න තිබුන මොන එක්සෑම් එකටද ක්ලාස් කරන්න ගියේ කියලත්. ඔය මදැයි මඩ ගැහුව නේ.
ඕකෙ තව ඉන්නව ගයිය කියල එකෙක්. උට නම් කාඩ් එක හැදුනෙ දෙයියට හැදුන වගේ ඇත්ත නමින්ම තමයි. ඌ නම් ටිකක් අමුතුයි. ඒ කිව්වෙ පිටසක්වලයෙක් වගේ නෙවෙයි. ඇක දාන වෙලාවට ඇකම තමයි. එකම නෝට්ස් ටික විසි තිස් පාරක් උනත් ආයෙ ආයෙ කියවයි එක දිගට. ඒ වෙලාවට කවුරු හරි බාදා කලොත් නම් මල පනිනව. උට කෙල්ලෙක් හිටියද කියන එක නම් කවුරුත් දන්නෑ හරියට. හැබැයි කාලෙකට එක කෙල්ලෙක් ගැන කියනව. ආයෙ ටික දවසක් යද්දි කියන්නෙ වෙන කෙල්ලෙක් ගැන. අතරින් පතර අර පරන කෙල්ලො ගැනත් කියවෙනව. කොහොම හරි මූ කෙල්ලො ගැන කියන ඒවයෙ හැටියට නම් එක කෙල්ලෙක් හරි බොහොම ලඟින් ආස්සරේ කරල තියෙන්න ඕනෙ. ඒ මොකද කියනව නම් කෙල්ලන්ගෙ ශරීර අංග ගැන විතරක් නෙවෙයි තව තව ඒව ගැනත් ලුනු ඇඹුල් ඇතුව තමයි මූ කතා කරන්නෙ.
අනිත් එකා තමයි උමේෂ්. කාඩ් මොකුත් නැති නිකම්ම උමේෂ්. ඌ කාටත් කරදරයක් නැතුව විතරක් නෙවෙයි ගොඩක් මහන්සි වෙලා පිලිවෙලට වැඩ කරපු කොල්ලෙක්. ඇකඩමික් වැඩ වගේම බැච් එකේ පොදු වැඩ උනත් බොහොම කැප වීමෙන් කරපු එකෙක්. කිසිම වෙලාවක උට නම් මල පනිනව දැකල නෑ කවුරුවත්ම. ඒ වගේම තමයි කොම්පියුටර් එහෙම නැත්නම් සොෆ්ට්වෙයා ගැන ඕනෙම ගැටලුවක් අපි උනත් අරන් ගියේ ඌ ගාවටම තමයි. මෙච්චර විස්තර කියල උගෙ ආදර කතාව ගැන කිව්වෙ නැත්නම් ඒක ලොකුම ලොකු අඩුවක්. ඒකට හේතුව උගෙ ආදර කතාව ඒ දවස්වලත් දශකයකට වඩා පරන එකක් වීම. ඉතින් ඒ ආදරේ පහුගිය දවසක මල්පල ගැන්වුනු බවත් අමරෙට සහ දෙයියටත් ඒ වෙලාවට එකතු වෙන්න ලැබුනු බවත් බොහොම සතුටින් සිහිපත් කරනව.
දැන් ඉතින් අනිත් අය තරහ වෙන්න එපා මාත් එක්ක. ඔය ලිව්වෙ රූම් එකේ තුන්දෙනා තැන විතරයි. තව ලියන්න ඕනෙ අය ගොඩක් ඉන්නව. ඒව ඉස්සරහට. ඒ වගේම උඹල තුන්දෙනාගෙන් කාට හරි මේ දෙයිය ගැනත් මොනව හරි ලියන්න තියෙනව නම් මේකට යටින් ලිව්වට කමක් නෑ.
Nice machan.. Please concern about fonts. some are not displayed properly.. Good Luck..
ReplyDeleteado ubagen wachanayak hari ahapu kal :P
Deletenice to see you macho :)
font nam newei unicode type karala thiyenne, mokadda dan na avula :(
onna matanam sinhalen liyala tibba seerama hodaaata kiyawaganta puluwan wunaaaaaaaa.....hehe....nice one brooo...fatta............(sudheera)(kurunegala)
Deleteubatath kiyanna thiyenne 'ubagen wachanayak hari ahapu kal' kiyala thamai...
Deletenice to see you too :)
මචන් මේකේ සිංහල ටික ආයේම හදපන්.පොඩ්ඩක් අව්ල් ගිහින්
ReplyDeleteඅනේ කොයි හරියෙද කියන්නකො එහෙම තියෙන්නෙ... මට පේන්නෙ නෑනෙ... :(
Delete