ලියූ කවි පද දහක් අතරේ... (ගත්තෙ මෙතනින්) |
නොපෙනෙනා කල්හි මට
නුඹ ඉතින් තව ඈත
දුර ගිහින් ගව් ගණන්
නිදි නොමැති දෙනෙත් අග
නූපුන් දසුන් මත
තවත් මම බලා ඉමි
එන තුරා මගෙ ළඟට
නිමා කර ගිම්හානය
කවියට කවියෙන් පිළිතුරු දීමට සිතා ලියූ පහත පද පෙළ නම් කෙසේවත් එයට ළඟින්වත් තැබිය හැක්කක් නොවේ යැයි සිතේ.
හිරු සේම නැගී උන්නාය පෙර මග බලා
සඳවතිය කොහේ සිට පැමිණේවිදෝ සිතා
තරු පමණි සඳ නොමැති
අහස් කුස දැල්වුණේ
ජීවිතය අන් තැනක
කියා සිත ළතැවුණේ
කොහේදෝ පාවෙලා අහම්බෙන් හමුවෙලා
නෙතින් සවනින් සිතට නොදැනීම ළං වෙලා
සිනා මල් රැගෙන විත්
අඳුර බින්දේ නුඹයි
සදා හැර නොයන්නට
නැවතුණේ නුඹ ළඟයි
සඳේ මම නුඹ ළඟයි
සදා කල් නුඹ ළඟයි
ඊට පිළිතුරු ලැබුණේ හැරෙන තැපෑලෙනි.
පූරණය කළ පාරමී බල
ගෙවූ දිගු ගමනේ
ප්‍රභාවත් කළ දයා දිගු නෙත
වසන් කළ කඳුළේ
දිනූ මද මුදු පැතුම් අපමණ
විරාගික ගමනේ
සුභාවිත පෙම් කතා පුවතක්
සුපින්බර සසරේ
නිරාමිස සුව ලබා ගෙන මිස
නොනවතින සටනේ
කවි ලිවීම අමාරු වැඩක් වුවත් කවි කියවීම කම්මැලි වැඩක්දැයි හරියටම නොදන්නා බැවින් වැඩිදුර නොලියා ඒ ගැන ඔබේ අදහස් බලාපොරොත්තුවෙන් සිටින බව කරුණාවෙන් සලකන්න.
කවියේ රසය වැඩි ව්‍යංගයේයි
ReplyDeleteඑහෙත් ආදර දෙබසකට නම් අත්‍යාවශ්‍ය සෘජු බව මිස ව්‍යංගය නොවේ
එම නිසා යාළුවා කියන්න තියෙන දේ කෙලින්ම කියපන් කවි නැතුව කෙළින්
අනික, කෙල්ලන්‍ට වගේ එළි සමය එළි වැට රැක ගෙන ව්‍යංගය ඕන ඕන වෙලාවට තලගොයාත් කබරගොයාත් කරගෙන බැලන්ස් කිරීමේ හැකියාව පිරිමි අපේ සහජයෙන්ම දුර්වලයි.
ඒ නිසා ඇන ගන්න කළින්, කවියට තිත තියපන්
- අමරයා
හෙන ගහනව යකෝ මේ වගේ කමෙන්ට් දානවට :(
Delete