අද ඉඳන් මම අලුත් ලිපි මාලාවක් පටන් ගන්න යන්නෙ. මේකෙදි කරන්න අදහස් කරන්නෙ කොළඹ ගැන රසවත් විස්තර හොයාගෙන යන එක. කොළඹ ඉතිහාසය ගැන, ඒ කාලෙ ඉඳන් අද දක්වා කොළඹ වෙනස් වුණ හැටි ගැන, කොළඹ තියෙන වැදගත් ස්ථාන හා ස්වාභාවික පිහිටීම් ගැන, මේ කාලෙ කොළඹ වෙමින් පවතින හා නුදුරු අනාගතයේදී වෙන්න නියමිත දේවල් ගැන, ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. එහෙනම් කොළඹ ඉතිහාසය ගැන කෙටි විස්තරයකින්ම පටන් ගන්නම්.
කොළඹ නගරය පිහිටල තියෙන්නෙ ලංකාවේ පුරාණ රාජධානි දෙකක් වෙච්ච කෝට්ටේ සහ කැලණිය යන නගර වලට ඉතාම කිට්ටුවෙන් (කැලණිය අර සුප්‍රසිද්ධ අ-පො-ද-යා-කු-ග-කෝ වලින් එකක් නොවුණට විහාර මහා දේවියගෙ පියා වෙච්ච කැලණිතිස්ස රජතුමා කැලණියේ රජකම් කළ බව අපි අහල තියෙනවනෙ). ඒ වුණත් කොළඹ කියන්නෙ ඓතිහාසිකව රාජධානියකට වඩා ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රධාන වුණු නගරයක්. මේකට ප්‍රධාන හේතු දෙකක් බලපාල තියෙනව.
ලංකාවට පැමිණි විදේශීය පාලකයින් කොළඹ ඔවුන්ගෙ පරිපාලන මධ්‍යස්ථානය කරගැනීමත් එක්ක තමයි කොළඹ නගරය විශාල වෙනසකට ලක්වෙන්න පටන් අරන් තියෙන්නෙ. ඒත් ඊට කලින් ලංකාවට පැමණි ඉබන් බතූතා වගේ දේශාටකයිනුත් කොළඹ ඒ කාලයේ ලෝකයේ පැවති ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථානයක් බව වාර්තා කරල තියෙනව. ඇතැම් විට විදේශීය ජාතීන්ගේ අවධානය අපේ රටට යොමු වෙන්නත් යුරෝපීය ජාතීන් තුනක්ම අපේ රටේ පාලනය උදෙසා යුද වැදෙමින් වරින් වර අපේ රට අත්පත් කරගන්නත් කොළඹ නගරයේ වැදගත්කම ප්‍රබල හේතුවක් වන්නට ඇති.
කොළඹ ගැන කතා කිරීමේදී අත් හරින්නටම බැරි පෘතුගීසි-ලන්දේසි-ඉංග්‍රීසි පාලකයන් හා කොළඹ-කෝට්ටේ-සීතාවක යන බල කේන්ද්‍රයන් හා සබැඳි ඉතිහාසය මීළඟ ලිපියෙන් කෙටියෙන් ගෙන එන්නම්.
ලන්දේසි කාලයේ කොළඹ වරාය (ගත්තෙ මෙතනින්) |
- කැලණි ගඟ ආශ්‍රිතව පිහිටීම (ලෝකයේ ප්‍රධාන නගර ගණනාවක් ගංගා නිම්න හා මෝයවල් ආශ්‍රිතව තමයි ඇති වෙලා තියෙන්නෙ)
- වෙරළබඩ නගරයක් වීම නිසා අන්තර්ජාතික වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් වීම (ඓතිහාසිකව වැදගත් වූ වෙළෙඳ මාර්ගයක් වන සේද මාවතේ කොළඹ පිහිටීම ගැන විස්තර පසුවට)
- කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානය නිසා කැලණි+තොට = කොළොන්තොට = කොළොම්තොට = කොළඹ
- කොළ පැහැති අඹ ගස් සහිත වරායක් (තොටක්) වීම නිසා කොළ + අඹ + තොට = කොළඹ තොට = කොළඹ
ලන්දේසි පාලන සමයේ ඔවුන් කොළඹ සඳහා භාවිතා කළ සංකේතය (ගත්තෙ මෙතනින්) |
කොළඹ ගැන කතා කිරීමේදී අත් හරින්නටම බැරි පෘතුගීසි-ලන්දේසි-ඉංග්‍රීසි පාලකයන් හා කොළඹ-කෝට්ටේ-සීතාවක යන බල කේන්ද්‍රයන් හා සබැඳි ඉතිහාසය මීළඟ ලිපියෙන් කෙටියෙන් ගෙන එන්නම්.
දන්නා කොළඹ ගැන නොදන්නා තොරතුරු……
ReplyDeleteනම මම හිතන්නෙත් පළවෙනි එක හරි කියලා.
සෑහෙන්න වටිනාකමක් තියෙන ලිපිපෙලක් වේවි ගම්ලත්. ඇත්තෙන්ම නියමයි.
මම අහල තියෙන්නේ නම් දෙවෙනි මතය
Deleteප්‍රියා : ස්තූතියි. "දන්නා කොළඹ ගැන නොදන්නා තොරතුරු" අන්න මේකට දාන්න තිබ්බ නම.
Deleteමගේ ලොවෙන් : ඔව් අර සලකුණ නිසා එහෙම හිතන්නත් පුළුවන්.
ම් කව්රුවත් හොයන්න නොගිය කතාවක් නෙව කස්සප කියන්න යන්නෙ..
ReplyDeleteඒත් ලිපිය ටිකක් දිකුවුනා නම් හොදයි...
අවම වචන 600 ක් ත්
දිගටම ලියන්න
ජයවේවා
අපරාදෙ මම ගොඩක් ලියල තමයි දිග වැඩි කියල දෙකට කැඩුවෙ :(
Deleteරසවත් විදියට ලියන්න උත්සාහ කරන්නම්. ස්තූතියි.
හොද ලිපි පෙළක ඇරඹුමක් ......... නියමයි
ReplyDeleteස්තූතියි නලීන් අයියේ.
Deleteගුණ-දොස් දෙකම බලාපොරොත්තු වෙනව මේ ලිපි පෙළ සාර්ථක කරගන්න.
මේක හොඳ උත්සාහයයක් .ලිපිය සාරවත් කරගන්න හොඳ කරුණු ටිකක් හොයා ගන්න . ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පරණවිතාණ මහතා හමු වන්න . ඔහු මට මීට අවුරුදු කීපයකට පෙර මුණ ගැසුනා . ලන්දේසී හා පෘතුගීසි යුගවල කොළඹ ඉතිහාසය මැනවින් හැදෑරු කෙනෙක් .
ReplyDeleteබොහොම ස්තූතියි කමෙන්ටුවට වගේ්ම දිරිමත් කිරීමටත්. මම උපරිම උත්සාහය දරන්නම් හොඳ ලිපි මාලාවක් ඉදිරිපත් කරන්නට.
Delete