Thursday, June 19, 2014

මළ පොතේ අකුරු

මළ පොතේ අකුරු බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරයක් මුල ඉඳල අගටයි අග ඉඳල මුලටයි කියවනවයි කියල අර සිංදුවකත් තියෙන්නෙ. ඒ වගේම තමයි ගොඩක් දෙනෙකුට ඉංගිරීසි හෝඩියේ අකුරු ගානයි පිළිවෙළයි හරියටම කියාගන්න පුළුවන් වුණාට සිංහල හෝඩිය ගැන ඇහුවම තමයි කොර වෙන්නෙ. සිංහල හෝඩිය මිනිස්සුන්ට අමතක වෙලා යන විතරක් නෙවෙයි සිංහල භාෂාවත් ටික ටික වළපල්ලට යමින් තියෙන කාලෙක සිංහල හෝඩිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නයි අද සූදානම.

සිංහල හෝඩිය කිව්වම ඇත්තටම හෝඩි කිහිපයක් තියෙනව. මුලින්ම අපි බලමු ‍ශුද්ධ සිංහල හෝඩිය. මේක අමිශ්‍ර හෝඩිය සහ හෙළ හෝඩිය යන නම් වලිනුත් හඳුන්වනව. දැන් කාලෙ මේ වචනෙ පාවිච්චි වෙන්නෙ නම් වෙන තේරුමකින් වුණාට මේ හෝඩිය තමයි නියම (අද කාලෙ විදියට කියනව නම් ඔරිජිනල්) සිංහල ‍හෝඩිය ලෙස සලකන්නෙ. මේකට අමිශ්‍ර කියල කියන්නෙ මේකෙ මහාප්‍රාණ අක්ෂර නොමැති නිසා. ඇත්තටම මහාප්‍රාණ අක්ෂර පාලි භාෂාවෙන් අාවයි කියල සලකන නිසා ඒව අඩංගු නොවන ‍හෝඩිය නියම සිංහල ‍හෝඩිය විය යුතුයි කියන අරුතින් තමයි මේකට හෙළ හෝඩිය කියලත් කියන්නෙ. මේකෙ අකුරු 32යි. ඒ ස්වර (ප්‍රාණාක්ෂර) 12ක් සහ ව්‍යංජන (ගාත්‍රාක්ෂර) 20ක් විදියට. මේ හෝඩිය තමයි පහත දැක්වෙන්නෙ.
ශුද්ධ සිංහල හෝඩිය...
අපේ පැරණි ව්‍යාකරණ ග්‍රන්ථයක් වන සිදත් සඟරාවෙ සඳහන් වන සිංහල හෝඩියත් ඉහත දැක්වුණු ශුද්ධ සිංහල හෝඩියට බෙහෙවින්ම සමානයි. එකම වෙනස එහි ඇයන්න හා ඈයන්න අඩංගු නොවීමයි. ශුද්ධ සිංහල හෝඩියේ අකුරු 32න් මේ අකුරු දෙක අඩු වුණාම ඉතුරු අකුරු 30 තමයි සිදත් සඟරා හෝඩියේ අඩංගු වෙන්නෙ.

ඉහත හෝඩි දෙකම ගොඩක් පැරණි හෝඩි. වර්තමානයේ සම්මත සිංහල හෝඩියක් තියෙනවද කියන්න නම් හරියටම දන්නනෙෑ. ඒත් දැනට අපි බහුලවම භාවිතා කරන සිංහල අකුරු ඇතුළත් වෙන විදියට සකස් කර ගත් මිශ්‍ර සිංහල හෝඩිය තමයි සම්මත හෝඩියකට වඩාත්ම සුදුසු හෝඩිය කියල මට හිතෙන්නෙ. මේ හෝඩියේ අකුරු 61ක් තියෙනව. මේ පහළ තියෙන්නෙ ඒක. හැබැයි මේකෙ තියෙන වර්ගීකරණයට අමතරව තවත් අක්ෂර වර්ග කරන ක්‍රම තියෙනව කියලත් මතක තියා ගන්න වෙනව.
මිශ්‍ර සිංහල හෝඩිය...

13 comments:

  1. ඇත්තටම දැං පවතින සිංහල හෝඩියට යෝජනා ගොඩක් තියේ නැවත සංශොදනයක් කරන්න ඒත් සමහර අති පණ්ඩිතයොතක් එක්ක ඒක කරන්නබෑ...
    හිහි
    දැං ඔකෙ තියනව නෙ ඉලු ඉලූ කියල අකුරු දෙකක් ඒ අකුරු යෙදෙන වචනයක් හරි අහල තියෙනවද... නෑ නෙද..
    ඇත්තටම සිංහල කරන හුගක් අය එහෙම වචනයක් තියේද කියලවත් දන්නෙ නෑ...
    ඉලුමහීපාල(ඉලු අකුර ලිවිය නොහැකි නිසා) ඒක විතරයි දැනට තියෙන්නෙ ්ත් තේරුමක් ද්නන කෙනෙක් නෑ..
    තව තියේ අයං වෙනවනං...
    ඇඩ් කරන්න යෝජනා වෙලා තිවේ අ කාරයෙ දීර්ඝ ස්වරය සහ කෙටි දීර්ඝ ස්වරය... ඒත් ඒව නං කවදාවත් වෙන්නෙ නැතිවෙයි
    මොකද ලංකාවෙ ප්‍රස්ද්ධ ගුරු කුල දෙකේම ඔය සම්බන්ධ ප්‍රශ්න තියෙන හිංද

    ReplyDelete
    Replies
    1. මහේෂ්, මේ ගැන තව විස්තර කියන්න පුළුවන්ද?
      සිංහල හෝඩියට යෝජිත අක්ෂර මොනවද කියලා..

      Delete
    2. ඉලුමහීපාල ??? මම නම් ඇහුවමයි. අපි විහිලුවට කියන්නෙ ඉලු අකුරෙන් ලියන්න පුළුවන් ඉලුක් විතරයි කියල :D
      මහේෂ් මේ ගැන සෑහෙන්න දෙයක් දන්නව වගේ. අපටත් කියල දෙන්නකො ඔය ගුරුකුල ගැන එහෙම. අපිත් ආසයි දැනගන්න.

      Delete
    3. අපට සිංහල පාඩමට හෝඩිය ඉගෙන ගන්න තිබුනේ 7 වසරෙදි, අපේ යාලුවෙකුට ටීචර් හෝඩිය ශබ්ද නගා කියවන්න කිව්වම, කියවල තියෙන්නෙ ඉරු, ඉරූ, පුරු, පුරූ, කියල...... ඊට පස්සෙ වෙච්චි දේ කියන්න ඕන නැහැනෙ....

      Delete
    4. හපොයි :O
      ඉලු අකුර නිකන් පයන්න වගේ ලියන නිසා වෙන්න ඇති.

      Delete
    5. මෙහෙමත් ප්‍රශ්නයක් ආව මට. දැන් බලන්න‍කො අපි ඉරු ඉරූ කියල කියන්නෙ ෘ ෲ දෙකට. ඒව භාවිතයෙ යෙදෙන්නෙ මෙහෙමනෙ.
      ක් + රු = ක්රු = කෘ
      (අකුරු දෙකක් වෙනුවට පිල්ලමක් යෙදූ එක අකුරක් - ම‍ොකද එ්ක ශබ්ද වෙන්නෙ එක අකුරක් විදියට නිසා)
      එතකොට ක් + ලු = ක්ලු කියන ශබ්දය අකුරු දෙකක් වෙනුවට තනි අකුරකින් නිරූපණය කරන්න ඔය කියන ඉලු ඉලූ කියන අකුරු දෙක යොදා ගන්න බැරිද අපට?

      Delete
  2. ස්තුතියි සටහනට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ.... අලුත් මූණක් දකින්නත් සතුටුයි.

      Delete
  3. සෑහෙන්න වටින වැඩක් ගම්ලත්. ඇත්තෙන්ම ස්තූතියි.

    අපි භාවිතා කරන අපේම භාෂාව උනත් මේවා අපෙන් කොයි තරම් ඉක්මනින් අමතකව යනවද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවනෙ. ඒත් හෝඩියටත් වඩා ඉක්මණට සිංහල භාෂාව වලපල්ලට යනවද මන්ද.

      Delete
  4. Someone says 60 letters; nextone says 57. Sidath Sangarawa shows 32. Please educate us.

    ReplyDelete
    Replies
    1. I think you haven't read it carefully. "Sidath Sangarawa" shows 30 (not 32), and the modern "Mixed Sinhala" version has 61.

      Delete