Saturday, June 7, 2014

නයි නළඟන

"නයි නළඟන" කියන්නෙ දැන් මාස කීපයකට කලින් අපේ මාධ්‍ය වලින් පට්ට ගහපු චරිතයක්. මෙයා ගැන ආයෙ මතක් වුණේ ඊයෙ එක එක නිව්ස් සයිට් වල දාල තිබුණ අලුත් නිව්ස් එකකින්.

"නයි නළඟන දරු ප්‍රසූතියට රෝහල් ගත කෙරේ"

මෙයා පස්සෙ පන්න පන්න අපේ මාධ්‍ය ගිය ගමන ඉවරයි කියල මම හිතාගෙන හිටියට ඒක එහෙම නෑනෙ බලාගෙන ගියාම. බලන්නකො එදා ඉඳන් අද වෙනකම් මෙයා පස්සෙ පන්නපු පැන්නිල්ල.
අපේ මාධ්‍ය වලට පුදුම නිව්ස් එකක්නෙ මේක...
  • මෙයා නයෙක් එක්ක ක්ලබ් එකක හිටියයි කියල මහා ගාලගෝට්ටියක් ඇති කරා
  • ඊට පස්සෙ උසාවි නියෝග මත නයාව සත්තු වත්තට බාර දෙන එකත් කවර් කරල ප්‍රයිම් ටයිම් නිව්ස් එකක් බවට පත් කරා
  • මෙයාගෙ නම බොරු එකක් බවත් ගමක කෙල්ලෙක් බවත් හොයාගෙන ඇත්ත නම ඇතුළු සියලු විස්තර හොයල ප්‍රවෘත්ති ප්‍රකාශයක් නෑර ජනතාව දැනුවත් කරා
  • මෙයාගෙ ගම හොයාගෙන ගිහින් එහෙ මිනිස්සු හම්බ වෙලා එයා ගැන විස්තර අහල පුළුල් මාධ්‍ය ආවරණයක් දුන්න
  • දැන් ළමයෙක් හම්බ වෙන්න ඉන්නව කියල වෙන එකක් තියා මෙයාව හොස්පිටල් එකට ඇඩ්මිට් කරපු කෙනාගෙ නමත් හොයාගෙන සයිට් වල දැම්ම
  • අද මම දැක්ක ළමයෙක් හම්බ වුණා කියලත් දාල තියෙනව
දැන් මට තියෙන ප්‍රශ්නෙ මම මෙහෙම ඉදිරිපත් කරන්නම්. මම දන්න විදියට මේ පහළ තියෙන දේවල් ගැන අපේ රටේ ගොඩ දෙනෙක් දන්නව. දැනගෙන නොහිටි කෙනෙක් ඉන්නව නම් කරුණාකරල කමෙන්ට් කරන්න.
  • ලංකාවෙ ක්ලබ් කියල ජාතියක් තියෙනව
  • ඒවයෙ කෙල්ලො "වැඩ කරනව"
  • උන් ගොඩක් වෙලාවට ගම් වලින් ආපු කෙල්ලො
  • එයාලගෙ ගම් වල කට්ටිය සමහර විට දන්නෙත් නෑ එයාල කරන්නෙ මොනවද කියල
  • උනුත් ඇතුළත් වන, කෙල්ලො කියන කොට්ඨාසයට ළමයි හම්බ වෙනව (නිකන්ම හම්බ වෙන්නෙ නෑ තමයි)
  • ළමයි හම්බ වෙන්න ඉන්න කොට කෙල්ලන්ව හොස්පිටල් ඇඩ්මිට් කරනව
දැන් එතකොට මේ මාධ්‍ය මේ කාන්තාවට "නයි නළඟන" කියල නමකුත් දමාගෙන මෙයාගෙ පස්සෙම පන්නන්න තරම් මෙතන තියෙන නිව්ස් එක මොකද්ද කියල අනේ මාධ්‍යයක වැඩ කරන කෙනෙක් හරි කමක් නෑ පොඩ්ඩක් පැහැදිලි කරල දෙනව නම් ලොකු උදව්වක්.

මාධ්‍ය වලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද.

ප.ලි. (මෙයාගෙ ගම හොයා ගෙන ගිය අයට)
  • මටත් ගමක් ඇත
  • ඒත් දැන් පදිංචිය නගරෙකය
  • ගමක් තිබුණට මං කවුද කියල දන්න අය ගමේ ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි
  • එයිනුත් මම ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද කියල දන්න අය ඊටත් අඩුය
  • ඒ මිනිස්සුන්ට මා ගැන ඕනෑ එකක් කිව හැකි අතර ඒ කියන දේවල් ගැන මා දැනගන්නා එකක්ද නැත
කෙසේ වෙතත් අද මා ලියන්නට අදහස් කළේ අප හා අපේ ගම් අතර සම්බන්ධය ගැන නොවන බැවින් ඒ ගැන පසුවට ලියන්නට අදහස් කරමි.

ඒත් ඔය කියන "නයි නළඟන" ගැන ගමේ අය විස්තර නොදන්න එක එයා දෙබිඩි ජීවිතයක් ගත කරන බවට සාක්ෂියක් විදියට පෙන්නන්න උත්සාහ කරපු එක නම් මම පෞද්ගලිකව කිසිසේත් අනුමත කරන්නේ නැත.

9 comments:

  1. අපෙ රටේ ඉන්න,කාලකන්නි මාද්යවේදියො කුනු රහට ගොඩක් කැමතියි.මරනයක් වුනත් කමක් නැහැ,ඕකුන්න්ට විකුනගන්න තියෙනව නම්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. කුණු රහම හොයන මිනිස්සුත් බිහි වෙලා ඉන්නව මේ මාධ්‍ය ෆලෝ කරන.

      Delete
  2. හිහි විකුණන්න දෙයක් තියේ නං ඊට වඩා දෙයක් නෑ...
    හැබැයි මෙයාට හම්බුණ අමඅතු ප්‍රසිද්ධියත් එක්ක කසුන්ගෙ සිංදුවක නිරූපණ කටයුත්තක් කරන්නත් හම්බුණා

    ReplyDelete
    Replies
    1. ඒ සිද්ධිය දන්නෙ නෑනෙ මම. මොකද්ද ඒ සිංදුව.

      Delete
    2. සංදුව නං මතක නෑ මචෝ...
      මගෙ ලැප තියෙන දවස් වල තිබ්බ...
      පොඩ්ඩක් බලහං හොයල... හම්බුවෙයා

      Delete
  3. හැමෝම ඔහොම හිතනවා නම් මේ රට කොයි තරම් ලස්සනද?මම එකක දැක්ක '' නයි නලඟන පැටියෙක් දාලා'' කියලා.ප්‍රසව වෙදනාවෙන් ඩුක් විඳින තරුන කෙල්ලෙකුටයි,පුංචි මලක් වගේ දරු පැටියෙකුටයි නේ මෙහෙම කියන්නේ?කෝ මේ රටේ කාන්තා සංවිධාන, මේ කෙල්ලට කරදර නොකර හිටපල්ලා කියන්න. උඹ විතරයි කොල්ලෙක් වෙලත් එහෙම කිව්වේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ටුවට, ඇනෝ කවුරු වුණත්. මට නම් ඒ දවස්වල ඉඳන්ම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණෙ මේ කෙල්ලගෙ පස්සෙ මෙච්චර පන්නන්නෙ ඇයි කියල. කිසිම ප්‍රමිතියක්, මාධ්‍ය සදාචාරයක් නැති ගොසිප් සයිට් නම් කමක්නෑ කියමුකො. මම දැක්ක නිව්ස් සයිට් කියල ප්‍රසිද්ධ පත්තරේක සහ එෆ්. එම්. නාලිකාවක වෙබ් සයිට් වලත් දාල තියෙනව. ඒකෙන් නම් මට හරියට කලකිරුණ ලංකාවෙ මාධ්‍ය ගැන.

      Delete
  4. ඔබ ඔය කියන ප්‍රශ්න ටික මගේ හිතටත් මේ ඊයේ පෙරේදා පත්තර බලනකොට ආවා. අපේ රටේ පාඨකයෝ ඉල්ලන කුණු රහ දෙන්න තමයි පත්තර කාරයෝ පස්සෙන් පන්නන්නේ. ඔනෑ කෙනෙක්ගේ පුද්ගලිකත්වය හාර හාර මිනිස්සු නොමරා මරන්න පුළුවන් පත්තරවලට

    ReplyDelete
    Replies
    1. ඔව්. හරිම හිරිකිත මාධ්‍ය සංස්කෘතියක් මේක. ඒ අතින් අපේ රටේ සමහර සිංහල බ්ලොග් ගත්තම පත්තර වලට වඩා ගොඩක් දියුණුයි කියල හිතෙනව.

      Delete