Friday, June 6, 2014

ඉල්-ලංකා

මේ අර කලින් ලියපු වට වන්දනාව කතාවෙ කියල තියෙන විදියට එදා ඩීසල් ගහන්න ගිහින් වෙච්ච අකරතැබ්බය...
ලංකා නෙවෙයි ඉල්-ලංකා කියන්නෙ මේවට තමයි...
ලුණුගම බලන්න ගිහින් හෙණ වටරවුමක් ගහල ප්‍රධාන පාරකට ළං වෙන කොට ආපහු යක්කලට යන්න තරම් වෑන් එකේ ඩීසල් මදි වෙයි කියල හිතල ඩීසල් ගහගන්න කිරිඳිවැලට ගියා. ඒ කාලෙ සිපෙට්කෝ වල ඩීසල් මිල අයි. ඕ. සී. වල මිලට වඩා අඩුයි. ඉතින් අයි. ඕ. සී. ෂෙඩ් එක පහු කරගෙනම සිපෙට්කෝ එකට ගියා ඩීසල් ගහගන්න. කොහොමත් ඉන්දියා ඩීසල් ගහල පුලුවනැයි ලංකා ඩීසල් ගහන්න එපැයි ලංකාවෙ අපි.

ඒක සමූපකාරෙ ෂෙඩ් එකක්. ඔන්න ඉතින් අපේ තාත්ත වෑන් එක නවත්තල එතනට ආපු මනුස්සයට කිව්ව ටෑන්ක් ෆුල් ගහන්න කියල. ඒ මනුස්සයත් පටන් ගත්ත ඩීසල් ගහන්න. හැබැයි ගොඩක් වෙලා ගියෙ නෑ. පටන් ගත්ත ගමන්ම වගේ නවත්තල කිව්ව 5ක් නේද කිව්වෙ කියල. ඒ කියපු ගමන් අනිත් අතට මීටරේ සීරෝ කරා. ඒක බලාගෙන හිටපු මට හොඳටම තේරුනා ලීටර් 5ක් නම් නෙවෙයි ගැහුවෙ කියල. ඒක වුණේ මෙහෙමයි.

ඒ කාලෙ ඩීසල් ලීටරයක් රුපියල් 120ක් වගේ ග‍ානක්. එතකොට ලීටර් 5ක් කිව්වම රුපියල් 600ක් විතර වෙනව. දැන් මම මේ මීටරේ බලන් ඉද්දි තේරුණා ඒක 60ට විතර කැරකෙන කොට නවත්තල ටක් ගාල සීරෝ කරපු බව. ඊට පස්සෙ ලීටර් 5ක් ගැහුව කිව්වම ඒකට අදාල ගාන රුපියල් 600ක් නිසා අපේ හිත ඇතුළෙම සැකයක් ඇති වෙනව අපි දැක්කෙ 60ද 600ද කියල. එහෙම සැකයක් ඇති වෙන්න තරම් ඉක්මණින් අර මනුස්සය ඒක සීරෝ කරල දානව. ඒකට හොඳ පුරුද්දක් ඇති. ඉතින් අපට ඇත්තටම හිතුණත් රපියල් 60ක විතරයි ඩීසල් ගැහුවෙ කියල ඒක ඔප්පු කරගන්න විදියක් නෑනෙ.
සිපෙට්කෝ ඩීසල්...
ඊට පස්සෙ අපේ තාත්ත කිව්ව, නෑ 5ක් නෙවෙයි ෆුල් ටෑන්ක් කියල. එතකොට ඒ මනුස්සය "ආ එහෙමද, මට ඇහුණෙ 5ක් වගේ" කියල ආයෙ ගහන්න පටන් ගත්ත. ඒ පාර නම් සෑහෙන්න ඩීසල් වැදුණ. කොච්චර වැදුණද කියනව නම් කලින් සැරේ 5ක් නම් වැදුණෙ නෑ කියන එක අපට හොඳට තහවුරු වුණා. මොකද අපේ තාත්ත එක සැරයක් ඩීසල් ගැහුවම අර ඔඩෝමීටරේට යටින් තියෙන පොඩි මීටරේ සීරෝ කරන නිසා ගිය දුරට අනුව කොච්චරක් ඩීසල් වදින්න ඕනිද කියන එක ගොඩක් දුරට නිවැරදිව හිතාගන්න පුලුවන්. අපේ වැනට් එක ලීටරේට කිලෝමීටර් 12ක්-14ක් විතර වැඩ කරා මට මතක විදියට.

ඊට පස්සෙ ඒ මනුස්සය ඒ ඩීසල් ටිකට අදාල ගානයි අර කලින් ගහපු ඒවට කියල තව රුපියල් 600කුයි එකතු කරල තමයි ගාන කිව්වෙ. එතකොට වැඩේ හොඳටම මීටර් වෙලා තිබුණ අපේ තාත්ත කිව්ව "නෑ නෑ ඔයා කලින් 600ක ඩීසල් ගැහුවෙ නෑ, ලීටර් බාගයයිනෙ ගැහුවෙ" කියල. එත‍කොට මිනිහ තමන්ගෙ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න හැදුවෙ කොහොමද දන්නවද.

"ඒක වෙන්න බෑ මහත්තය. මේ බලන්න මේ පොම්ප වල ලීටර් බාගයක් ගහන්න දෙන්නෙ නෑ" කියල මීටරේ ලීටර් බාගෙකට සෙට් කරල ගහන්න හැදුව අපට පෙන්නන්න. එතකොට ඒකෙ මොකක් හරි පෙන්නුම් කරනව ඒ ගාන ගහන්න බෑ කියල. අපි ඉතින් මොනව කියන්නද. "යකෝ ඕක ලීටර් බාගෙකට සෙට් කරාම ඒක වදින්නෙ නැති වුණාට එහෙම සෙට් නොකර නිකම් ගහද්දි උඹට ඕනි තැනකින් නවත්තන්න පුලුවන්නෙ" කියන්නද, ඇත්ත කතාව ඒක වුණාට. තවත් සද්ද නොකර උෟ කියපු ගාන ගෙවල ආව ඉතින්.

පස්සෙ දවසක ඔය කතාව කාත් එක්ක හරි කිව්වම එයත් කිව්ව "අපෝ කිරිඳිවැල සමූපකාරෙ ෂෙඩ් එක ඕවට නම ගිය තැනක්නෙ" කියල. දවසක් පත්තරෙත් තියෙනව දැක්ක ඒක ගැන එහෙම කතාවක්. අපි ඉතින් කලින් දැනගෙන හිටිය නම් ඔය රුපියල් දහයක් පහළොවක් ඉතුරු කර ගන්න ඕකට යනවයැ අයි. ඕ. සී. එකත් පහු කර ගෙන. චික් විතරක්.

4 comments:

  1. ලංකා නම වැටිල තියෙන හැම ෂෙඩ් එක්කම වගේ වෙනව...
    රංවල අලව්ව පොල්ගහවෙල පොතුහැර... මේ ඔක්කම එකයි...
    එං දැං එක ලංකා ෂෙඩ් ක්කින් වත් තෙල් ගහන්නෙ නෑ... උං හොරයට ගහන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ සිපෙට්කෝ ඒවයෙ මිල අඩු නිසා ගොඩක් අය ගියා ඒවට. උන්ට තවත් වාසි වෙන්න ඇති ඒ නිසා.
      දැන් ඉලෙක්ට්‍රොනික් මීටර් තිබුණත් හොර කරන්න කොහොම හරි ක්‍රමයක් හොයා ගන්නව ඇති නේද.

      Delete
  2. හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිියනවනේ ඒ මේ වගේ උන්ට තමා. මේවා ප්ලෑනින් වැඩ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ තැන්වල උඩ ඉන්න අය දන්නෙ නැතුව පල්ලෙහා අයට ඕන ගොඩක් කල් කරගෙන යන්න අමාරුයි.
      උඩ ඉඳන් පහළටම හොර වැඩ තමයි වෙන්නෙ.

      Delete