Sunday, May 25, 2014

ඇලන් බෝඩර් ක්‍රිකට්

2001 අවුරුද්දේ එක්තරා දවසක දෙයියාගේ තාත්තා දෙයියාටත් දෙයියාගෙ මල්ලිටත් කොම්පියුටරයක් අරගෙන දුන්නේය. ඒ කාල‍ෙ හැටියට හොඳයි කියා සැලකිය හැකි 166MHz පෙන්ටියම් 1 ප්‍රොසෙසරයක්, 32MB රැම් එකක්, 2GB හාඩ් එකක් හා 1MB වීඩියෝ මෙමරියකින් සැදුම් ලත් ඒකේ OS එක Windows 98 වුණි. ඒවා කෙසේ වෙතත් මේකෙන් කර ගත්ත වැඩ ගො‍ඩේ හැටියට මේකට නම් මල් තියලාම වඳින්න ඕනෑය.
මෙන්න මේ වගේ එකක් මේ කියන්නෙ... මේකම නෙවෙයි ඉතින්...
මේක ගන්න කොටම අපූරු ගේම් වගයක් දමා දෙන්නට කඩේ කට්ටිය කාරුණික වී තිබුණේය. ඉනුත් හොඳම ගේම් එක වුණේ "ඇලන් බෝඩර් ක්‍රිකට්"ය (Alan Border Cricket). ක්‍රිකට් පිස්සුව නියමෙටම තිබුණු ඒ කාලේ ඉස්කෝලේ හොස්ටල් එකේ සිට සිකුරාදාට ගෙදර එන්නේම ඇලන් බෝඩර් ක්‍රිකට් ගහන එක ගැන හිත හිතාය. ඒ වගේම ගන්න කොට නොතිබුණ ශ්‍රී ලංකා ටීම් එකකුත් හදා ගත්තේ අපේ උන් ලවා අනිත් ටීම් වලට පලු යන්න දෙන්නටය.

ඒ වුණාට අපට එහෙම ලේසියෙන් ක්‍රිකට් ගහන්නට ඉඩක් නොවුණේ ගමේ ට්‍රාන්ස්ෆෝමරයට පින් සිද්ද වන්නටය. හවස හය හත වන විට ඩිම් වන අපේ ගමේ ලයිට් ආයේ හරි යන්නේ රෑ දහයට විතර බැවින් ඒ කාලය තුළ කොම්පියුටරය දාගන්නට බැරිය. සිකුරාදාට නම් මේක එච්චර ගානක් නැත්තේ රෑ අටට විතර ගෙදර ආවොත් ඇඟපත සෝදගෙන කෑම කා කොහොමත් රෑ නවයේ සිට දහය දක්වා අයි. ටී. එන්. එකේ නයිට් රයිඩර් බලන බැවිනි. ඒත් දැන් වගේ එච්චරම ටීවී එකේ එල්ලිලා හිටපු කාලයක් නොවන බැවින් ගෙදර ඉන්න අනිත් දවස් වලට කාලා එහෙම ඉවර වෙලා සාලයේ බිම මෙට්ටයක් දාගෙන නිදාගන්න පුරුදු වුණේ ලයිට් හරි ගිය ගමන් කොම්පියුටරය ළඟට දුවන්නටය. අදටත් ගමේ ගිය විට ඒ විදියටම බිම නිදා ගන්න පුරුද්දක්ද ඒ නිසා ඇති වුණේය.

කොහොම හරි ඉතින් දවසක ඇලන් බෝඩර් ක්‍රිකට් වලටද කෙළ වුණේය. ඒ වෙන දෙයක් නිසා නොව රිසයිකල් බින් එක පිරී තියෙනවාට අකමැති බැවින් ෆයිල් එකක් මකන විය "ෂිෆ්ට් ඩිලීට්" කිරීමේ පුරුද්ද නිසාය. ගේම් ෆෝල්ඩර් එකේ තිබූ සේව් ෆයිල් එකක් ඕනෑ නැතැයි සිතා ඒ විදියට මකා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස සෑහෙන කාලයක් තිස්සේ ඇලන් බෝඩර් ක්‍රිකට් සෙටප් එක ගැන යාලුවන්ගෙන් අහලත් ගේම් සීඩී කඩ වල හොයලත් හොයා ගන්නට නම් බැරි වුණේය.

ඉතින් ඊටත් අවුරුද්දකට විතර පස්සේ ඉස්කෝලේ කොම්පියුටර් ලැබ් එකට යන්නට ලැබුණු පසු දවසක අහම්බෙන් ඒකෙ මැෂින් එකක තිබිල ඇලන් බෝඩර් ක්‍රිකට් හම්බ වුණාම දැනිච්ච සතුට නම් කියල නිම කරන්න බැරිය.
පොඩි කාලෙ ස්වීට් මෙමරීස්...
පස්සෙ කාලෙදි ලැප්ටොප් එහෙම ගත්තට පස්සෙ ඊ. ඒ. ක්‍රිකට් (EA Cricket) හා ඈෂස් ක්‍රිකට් (Ashes Cricket) වගේ දියුණු ගේම් ගහන්නට ලැබුණත් හා පුරා කියල කොම්පියුටරයෙන් ගහපු ක්‍රිකට් ගේම් එක වෙච්ච ඇලන් බෝඩර් ක්‍රිකට් නම් තාමත් අමතක වෙලාම නැතිය.

ඇලන් බෝඩර් ක්‍රිකට් ගහල තියෙන තව අය එහෙම ඇති නේද?

7 comments:

  1. අනේ නෑ...
    පස්සප ඔය කියන කාලෙ වෙනකොට අපි කොංපීතරයක් අල්ලන්න ආසාවෙන් හිටියත් නොලැබුණ කාගෙ...
    පෙන්ටියම් වන්.....????
    පිස්සුනේ...
    දැං තියෙනඒවට අයි ත්‍රීත් මදි වේගන යන්නෙ...

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම කොම්පියුටරයක් අත පත ගෑවෙ 1999 ටෙක් ශ්‍රී ලංකා එකේ වැකේෂන් කෝස් එකකදි...
      පෙන්ටියම් වන් වුණාට ඒකෙන් කොච්චර වැඩ කර ගත්තද ගේම් ගහනවට අමතරව...
      ඉස්කෝලෙ වැඩ වලට ඕනි දේවල් ‍ගොඩක් හොයා ගත්තා එන්කාටා එන්සයික්ලොපීඩියා එකෙන්...
      ඒ කාල‍ෙ නෙට් නෑ... එන්කාටා සීඩී එක දාල රන් කරේ... කොටින්ම සීඩී 3 පැක් එක කොපි කරන්නත් හාඩ් එක ඉඩ මදි... සැරින් සැරේ සීඩී මාරු කර කර බැලුවෙ...
      ඒකට දැන්... නෙට් ස්ලෝ වුණොත් එහෙම අතක් පයක් නැති වුණා වගේ...

      Delete
    2. නෙට් ස්ලෝ වුණොත් එහෙම අතක් පයක් නැති වුණා වගේ...////
      සිරා කතාව

      Delete
    3. ආ නැද්ද හා... :D

      Delete
  2. තව පට්ට game 1ක් තිබ්බා.....

    ReplyDelete
    Replies
    1. මොකද්ද අප්පේ...තව ගොඩක් තිබ්බා මතකයි...

      Delete
  3. තව පට්ට game 1ක් තිබ්බා.....

    ReplyDelete