ඔන්න අපේ මොරටුව කැම්පස් එකේ සෙනසුරාදට තියෙනවලු පෝස්ට්ග්‍රැජුවෙට් කෝස් එකක්. ඒ කියන්නෙ පශ්චාත් උපාධි පාඨමාලාවක්. ඉතින් දවසක් උදේම මේක කරන අර කියපු මහාචාර්යතුමත් ඇවිත් පටන් ගත්තලු ලෙක්චර් එක. ටික වෙලාවක් යන කොට පැත්තක ඇල වෙලා හිටපු ශිෂ්‍යයෙක්ගෙ ඇල ගඟ වෙලා ගඟ මූද වෙලා ඒ මදිවට ටිකකින් ගොරවන්නත් ගත්තලු. දැන් මහාචාර්යතුමාට හරිම ප්‍රශ්නයක්. ඇයි ඉතින් දේශනයක් කරන කොට පසුබිම් සංගීතයක් තියෙන්න බෑනෙ. ඒ පාර මහාචාර්යතුමා කතා කරල ඇහුවලු මොකද උදේ පාන්දරම නිදා ගන්නෙ කියල. එතකොට මේ මනුස්සය කියනවලු:
"සර් මම ඉන්නෙ නුවර. වැඩ කරන්නෙ ට්‍රින්කො වල. ඉතින් සිකුරාද රෑ ට්‍රින්කො ඉඳන් නුවර ඇවිත් සෙනසුරාද උදේම මෙහෙ එනව කෝස් එකට. ඒ ඇවිත් දවසම මෙහෙ ඉඳල රෑ ආයෙ නුවර යනව. ආයෙමත් ඉරිද දවල් ට්‍රින්කො යන්න පිටත් වෙනව. ඒ නිසා පොඩි නිදිමතක් ආව. සොරි සර්" කියල.
මෙහෙමලු හිටියෙ අපේ යාලුව... (ගත්තෙ මෙතනින්) |
දැන් නම් මහාචාර්යතුමාට ෆුල් අවුල් ලු. ඇයි දෙයියනේ බැඳපු අලුත තරුණයෙකුට මෙහෙම ජීවිතයක් ගෙවන්න වුනාම. ඒක කමක් නෑ කිව්වත් අලුත් මනමාලිට කොහොම ඇද්ද කියල හිතා ගන්න පුලුවන්නෙ. ඒ පාර දුක හිතුන මහාචාර්යතුමා කිව්වලු:
"මට තේරෙනව පුතා. කමක් නෑ. ඔයා ලෙක්චර් එකට ඇවිත් පැත්තකට වෙලා හොඳට නිදා ගන්න. යද්දි නෝට්ස් ටික මගෙන් ඉල්ල ගන්න. අහ ගන්න දෙයක් තියෙනව නම් ඕනෙ වෙලාවක අපේ ගෙදර හරි ඇවිත් අහ ගන්න" කියල.
අපේ යාලුවත් ඉතින් ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවෙ කියල මහාචාර්යතුමාට ගොඩක් ස්තූති කරල පැත්තකට වෙලා හොඳට නිදා ගත්තලු. අර කිව්ව වගේ යද්දි නෝට්ස් ටිකත් ඉල්ල ගෙන ගියාලු.
සති දෙක තුනකට පස්සෙ දවසක අපේ මහාචාර්යතුමා ලෙක්චර් එකට එන කොට අපේ යාලුව පුදුම සතුටකින් ලෙක්චර් ඇවිත්ලු. ඒ විතරක් නම් මදෑ, රස කැවිලිත් මහ තොගයක් අර ගෙන ඇවිත් පන්තියටම බෙදනවලු. අපේ කට්ටියත් ඉතින් දන් නැද්ද "ජාතකෙන් වැඩක් නෑ සාදු කියපල්ල" කියල කාරනෙත් දන් නැතුව රස කැවිලි ටිකට වැඩේ දෙනවලු. මහාචාර්යතුමා දැකපු ගමන් මනුස්සය ගිහිල්ල එතුමටත් ඇල්ලුවලු රස කැවිලි.
එතකොට මහාචාර්යතුමා ඇහුවලු:
"මොකද ගම් පළාතට මාරුවක් වත් හම්බ උනාද" කියල.
ඒ පාර අපේ යාලුව සතුටින් ඉපිලිලා කට පුරා උත්තර දෙනවලු:
"නෑ සර්. මගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්" කියල.
![]() |
නෑ සර්. මගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්... (ගත්තෙ මෙතනින්) |
ඉමේජස් නම් උස්සපුව හොඳේ.