Saturday, September 26, 2015

හයිවේ

මේක නම් පරණ මාතෘකාවක්. ඒත් ගොඩක් කාලෙකින් ලියාගන්න බැරුව ඉඳලා වෙලාවක් ආපු නිසා ඔන්න ඔහේ ලියන්න හිතුවා.

හයිවේ කියන සංකල්පය කෙසේ වෙතත් ඒකේ ප්‍රායෝගික භාවිතය ලංකාවේ අපි අතරට ඇවිත් තාම අවුරුදු හතරක් වත් නෑ. එහෙම කියන්නේ ලංකාවේ පළවෙනි හයිවේ එක වෙච්ච සදර්න් හයිවේ එක ඕපන් කරේ අපි කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකෙත් අන්තිම හරියේ ඉන්න කොට (ඒ කියන්නේ 2011 අන්තිම හරියේ) නිසා‍.
මේ ෆොටෝ එක මම ගත්තෙ... 2010දි...
මේ එතනම දැන්... (ගත්තෙ මෙතනින්)
හයිවේ ආපු මුල් දවස් වල, ඕව දිහා ටිකක් විවේචනයෙන් බලන කෙනෙක් මාත් එක්ක කිව්ව කතාවක් මේ. ඉස්සර කොළඹ ඉඳන් ගාල්ලට යන්න පැය තුනක් ගියාලු. දැන් කට්ටිය පැයෙන් ගිහින් පැය දෙකක් ඒ ගමන ගැන කතා කර කර ඉන්නවලු. ඒ නිසා හයිවේ හැදුණා කියලා අපේ අයගෙ කාලය ඉතුරු වීමක් හරි ඵලදායිතාවය වැඩි වීමක් හරි නම් බලාපොරොත්තු වෙන්න බෑ කියලා තමයි එයා කියන්නෙ.

කාලය ඉතුරු වීමයි ඵලදායිතාවයයි කෙසේ වෙතත් හයිවේ නිසා අපේ ජීවිත වල සමහර දේවල් වෙනස් වෙලා කියන එක නම් බැහැර කරන්න බෑ. ඉස්සර ප්‍රායෝගික හේතු මත කරන්න බෑ කියලා අත ඇරලා දාන දේවල් දැන් හයිවේ නිසා කරන්න පුලුවන් වෙලා තියෙනවා. මේ ඒ ගැන කතා තුනක්.

පළවෙනි කතාව

කොට්ටාව පැත්තෙ පදිංචි කෙනෙක්ට නිවාඩු දවසක උදේ වරුවෙ හිටපු ගමන් අාතල් එකක් ගන්න හිතිල, සෙට් එකත් එක්ක මාතර ගිහින් (පොල්හේනෙද කොහෙද) නාලා, දවල් කෑමට ආයෙ ගෙදරත් ආව කියලා මාත් එක්ක කිව්ව. ඒ වගේ ආතල් ඉතින් හයිවේ එක නිසාම තමයි.

දෙවෙනි කතාව

මාතර තිබුණ වැඩසටහනකට හයිවේ එකේම ඇවිත් දවල් කෑමත් හෝටලෙන් ගත්තට පස්සෙ අපේ ටීම් එකේ එක්කෙනෙක්ට ටිකක් අසනීප වුණා. ඉස්සර නම් ඔහොම දෙයක් වුණාම එක්කො මාතරට නැත්නම් වැඩිම වුණොත් කරාපිටියට එක්කගෙන යයි. ඒත් ප්‍රතිකාරත් හොඳයි, වයිෆ්ටත් බලන්න එන්න ලේසියි කියලා, ජයවර්ධනපුර හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න තීරණේ කරලා හැරෙන තැපෑලෙන්ම තව දෙන්නෙකුත් එක්ක පිටත් කරේ හයිවේ එක නිසාම තමයි.

තුන්වෙනි කතාව

ජොබ් එකට ඉන්ටවීව් එන්න කියලා ලියුමකුයි හොඳම යාලුවෙක්ගෙ වෙඩින් කාඩ් එකයි දෙකම ලැබුණෙ එකම දවසෙ නොවුණාට දෙකම වැටිල තිබ්බෙ එකම දවසට. ඉන්ටවීව් රාජගිරියෙ, වෙඩිම ගාල්ලෙ. ඒත් දෙකෙන් එකක් විතරක් තෝර නොගෙන, ඉන්ටවීව් එකටත් ඉඳලා (ඒක පාස් හොඳේ) මහරගම-ගාල්ල බස් එකක නැගල, ගාල්ලටත් ටිකක් එහා තිබ්බ හොටෙල් එකට කපල් එක පිටත් වෙන්න කලින් යන්න පුලුවන් වුණෙත් හයිවේ එක නිසාම තමයි.

11 comments:

  1. අතුරැ කතා නම් තව බෝමැයි :-p

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වෙනම බ්ලොග් එකක් ලියතැහැකි :P

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. රාජගිරියේ තිබ්බ ඉන්ටවීව් එක අපි දන්නා එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පැනල් එකේ හිටියෙත් දන්න අය තමයි :P

      Delete
  4. කස්සප සෑහෙන දාසකිං ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... අර අවාරෙට මොනවද වැටෙනව වගේ තමයි දැන් බ්ලොග් ලියන්නෙත්...

      Delete
  5. aye ithn express way lankawe hadenne na

    ReplyDelete
  6. තිරේ පිටිපස්සේ කතා කොහොම වෙතත් හයිවේ එක නිසා සෑහෙන්න පහසුවක් තියනවා......
    මමත් හයිවේ එක නිසා සෑහෙන වැඩ කොටසක් බැලන්ස් කොර ගන්නවා

    ReplyDelete
    Replies
    1. අනිවා... එහෙම අය කොච්චර නම් ඉන්නවද? ඒ කතාත් දාමු ඉතින් අපටත් කියවන්න...

      Delete