Saturday, July 4, 2015

මීටර් ටැක්සි

බ්‍රහස්පතින්ද උදේ නැගිට්ටම ඇස් දෙක ඇරගන්නත් අමාරුයි. රෑ ඉඳන් ඇස් රිදි රිදී තිබ්බෙ. ඇස් ලෙඩ ද කියල තිබ්බ සැකේ උදේම කන්ෆර්ම් උනා.

එහෙනම් අද නෝ වැඩ. උදේම නුගේගොඩ ගියා වයිෆ් එක්ක බේත් ගන්න.

ඇස් ලෙඩ තමයි. ඇහැට දාන්නයි බොන්නයි බේත් දෙන්නම්. දවස් දෙකකින් ආයෙ ඇවිත් පෙන්නන්න. ගාන රුපියල් දාහයි.

ඩොක්ට වයිෆ්ටත් බෝ වෙයි එහෙනම් නේද.

ඔව් ඔව්. බෝ උනොත් එන්නකො.

බේත් අරන් එලියට බහින කොටම හෙන වැස්සක්. වැස්සෙම ෆුඩ් සිටිය ගාවට දුවල ගිහින් බඩු ටිකකුත් අරන් එතනම ත්‍රී වීල් එකකට කතා කරා. මීටර් ටැක්සියක්.
මීටර් ටැක්සි දැන් හැම තැනම (ගත්තෙ මෙතනින්)
විජයබා මාවතට.

රුපියල් සීයක් ගන්නව.

හා කමක් නෑ.

වැස්ස නිසා නැග්ගට මට මල පැනල. යකෝ මුන් මීටර් කියල ගහගෙන දුවන්නෙ. ඒ උනාට මීටර් ඕෆ්. වැස්ස වෙලාවට හොඳට ගාන කපනව. හිතින් බැන බැන ගෙදර ආව.

සිකුරාද දවල් වෙන කොට වයිෆ්ටත් හැදිල ඇස් ලෙඩ. ආයෙ ගියා බේත් ගන්න. ආයෙ දාහයි.

ඩොක්ට මටත් ඊයෙ හැදිල බේත් ගත්ත. හෙට ආයෙ එන්න කීව. දැන් මේ වයිෆ්ට හැදුන නිසා ආවෙ. හෙටත් මම එන්න ඕනිද ඩොක්ට.

ඔව් ඔව්. හෙට ආවම බලමුකො.

අද නම් නගින්නෙ නෑ මෙතන තියෙන මීටර් ටැක්සි වල. උන්ට පේන්නම පාරෙ යන එකක් නවත්තල නගිනව. එතකොට කඩා පැනල කියයිනෙ.

නෑ නෑ ඒවයෙ නගින්න දෙන්නෙ නෑ. මේකෙ නගින්න.

එතකොට මාත් කියනව හොඳවයින් දෙකක්.

ඔයාල මීටර් කියල නම ගහගෙන නිකන්නෙ දුවන්නෙ. මෙතන ඉඳන් විජයබා මාවතට අසූවක් වත් නෑ මීටරේ දාගෙන දිව්වොත්. ඒ උනාට ඊයෙත් මගෙන් සීයක් ගත්ත. ඒ නිසා මම ඔයාල එක්ක යන්නෙ නෑ. මම කැමති එකක යන්න දෙන්න.

ඒ උනාට එහෙම කියන්න උනේ නෑ.

අපි බස් එකේ යමු අනේ. මට එච්චර අමාරු නෑ.

ඉතින් බස් එකේ ගෙදර ආව.

සෙනසුරාද උදේ ආයෙ ගියා ඇස් පෙන්නන්න.

දැන් අඩුයි. මේ බේත් ඉවර වුනාම බොන්න තව බේත් ටිකක් දෙන්නම්. ඇහැට දාන ඒව දිගටම දාන්න. අද අටසීයයි.

බේත් අරන් වයිෆ් ලියල දීපු බඩු ලිස්ට් එක ගන්න ෆුඩ් සිටියට රිංගුව. එකින් එක එකතු කරල ගන්න අන්තිමේ බලන කොට හෙන බඩු මල්ලක්.

බස් එකේ යන්න හිටියට බැරි වෙයි වගේ. අදත් ත්‍රී වීල් එකක තමයි යන්න වෙන්නෙ.

එලියට ඇවිත් එතන ත්‍රී වීල් පාක් එකේ එකකටම නැග්ග.

විජයබා මාවතට.

සීයක් ගන්නව.

කමක් නෑ යං.

අද ටවුමෙම ලයිට් නෑ මහත්තය. බලන්නකො කලර් ලයිටුත් වැඩ නැති නිසා ට්‍රැපිකුත් නෑ අද.

ඒක තමයි නේද.

අදත් සීයක් ගෙවල ගේ ලඟින් බැහැගත්ත.
කිලෝ මීටර් 1.3ට තමයි මේ රුපියල් සීය (ගත්තෙ මෙතනින්)

7 comments:

  1. හෙක් හෙක්. මීටරේ ගහන් ගියා නං ඒ තරං ගන්ට බෑනෙ. ඒ හන්ද වෙන්න ඇති.
    කොළඹ කාක්කො කියන්නෙ නිකංයැ. බියික් කට්ටක් තියා ගං
    ඩොක්ස් ල ගැන නං කතා කරන්න එපා. උං ඔක්කම එකයි. ඒත් මෙහෙ නං ඔහොම ගිනි කන්නෑ.

    වල්කං බැක් හිහි

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු. ගොඩ කාලෙකින් තමයි ආවෙ ආපහු.

      Delete
  2. ගනන් ගන්න එපා,
    මම මාලඹේ ඉද්දි threewheel රියදුරෝ එක්ක රන්ඩු වෙන එක මගේ විනෝදාන්ශයක් ද කියල හිතෙන තරම් සිද්දි වෙලා තියෙනවා. රුපියල් 10ට 20ට අණක් ගුණක් නැති මිනිස්සු එක්ක රන්ඩු වෙන්න එපා කියල ගෙදරින් කෑගහන හින්දම රණ්ඩු වීම නැවැත්තුවා. හැමදාම එකම park එකෙන් threewheel ගන්න නිසා සාධාරණ ගනන් අය කරන අය අඳුනගෙන එයාලා එක්ක විතරයි යන්නෙ දැන්....
    හැබැයි ඉතින් වන සිව්පාවො මැද දෙවි දේවතවොත් නැත්තෙම නෑ

    ReplyDelete
  3. ඔව් ඔව්. ඒත් ඉතින් මේ වගේ අත්දැකීම් වලින් නම් එපාම වෙනවා.
    බොහොම ස්තූතියි මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  4. අඩෝ උඹ දැන් පදිංචි වෙලා ඉන්නේ නුගේගොඩ ද ?

    ReplyDelete
    Replies
    1. අඩෝ ඔව් බං... තාවකාලිකව එහෙමයි...

      Delete