Monday, March 8, 2021

තාමත් මං උඹවම හොයනවා බං

ඉන්නෙ කොහෙදත් දන්නවා
කරන්නෙ මොනවදත් දන්නවා
වෙන කෙනෙක්ගෙ බවත් දන්නවා

ඒත් තාමත් මං උඹවම හොයනවා බං

මහන්සි වුණ දවසක කෙළවර
නින්ද නොඑන රෑක මැදියම
පෙනී නොපෙනී යන හීනෙක පුරාම
ඇස් පියාගෙන කන් වසාගෙන
ඒ අඳුරේ ඒ නිහඬ බව ඇතුළේ
විතරක් නෙවෙයි

තනියම යන දුර ගමනක
එහා පැත්තේ අසුනේ වගේම
උඹ ඉන්න නගරෙට අහම්බෙන් එන දිනක
ඒ පාරවල්වල ඒ මුහුණු අතරෙත්

තාමත් මං උඹවම හොයනවා බං

හැමෝම කියනවා
උඹ දැන් වෙන කෙනෙක්ට 
අයිතිලු
එතකොට
මම උඹව අයිති කර ගන්න
නොහිතපු එක තමයි වරද නේද

කොච්චර හෙව්වත් ඇස් දෙක පියවෙනකම්ම
ආයෙ උඹව හම්බවෙන්නෙ නැති වෙයි
ඒත්
අදහන ආගම අනුව
ආයෙ උපදින බව දන්න නිසා
ඒක නැති කරගන්න උත්සාහ කරන්න ඕනි බව දැන දැනත්
භව තණ්හාවෙන් බැඳි බැඳී
ආයෙත් උඹවම පතනවා බං


ආයෙත් කියන්න මොකෝ උඹ කලිනුත් මගෙ වෙලා හිටියැයි
ආයෙත් නෙවෙයි
පළවෙනි පාරට
අයිති කරගන්නම
මං උඹවම පතනවා බං

තාමත් මං උඹවම හොයනවා බං


I wonder how, I wonder why
I wonder where they are
The days we had, the songs we sang together, oh, yeah
And oh, my love
I'm holding on forever
Reaching for the love that seems so far
So, I say a little prayer
And hope my dreams will take me there
Where the skies are blue
To see you once again, my love
Overseas from coast to coast
To find a place I love the most
Where the fields are green
To see you once again, my love

1 comment:

  1. ප්‍රේමයෙ මල් ඔටුනු හිස දැරූ පෙම්වතුන් එය හැරගියත්
    ජීවිතෙ දුක සතුට ලද නොලද සිහී වී තවත්
    ආදරේයන හැගුම හරි ලෙසට නොලබා තැවි තැවිත්
    කාලයෙ වැලි තලා අබියස නැහැ නොවෙද අවනත කමක්

    අනුන් සතු උයනක පිපි ඒ කුසුම නම්
    සුවද දූ පල බරව අතු පතර නිම්
    විදිනව ඇති නොඅඩුවම ආලයම නම්
    නොහැකි නම් හැර යන්න ඒ සුවද තාමත්
    අපිට අපි බොරු නොකර වෙන් වෙමුද ඒනම්

    නිදි නොමැති හැම රෑක මැදියමේ හීනයක
    මට හොරෙන් ඇය විදින නුඹේ පෙම් පහස
    නුඹට පමනක් පෙම් කරපු මම තාම
    හිනෙනුත් අඩනව නුඹේ පෙම නැතුවාම

    දවස් තිස්සෙ පෙරු කදුලි නෑ ගලන්නෙ දැන් වියලිලා
    කලක් තිස්සෙ නුඹත් හිටියා හිතෙ පතුලේ සැගවිලා
    විරහ ගීයක සුසුම් මැද්දෙ ඇයත් මට සරදම් කලා
    මුකුත් නොදැනම අදත් නුඹටම මම පෙම් කලා

    නුඹ සමග දුර ගෙව්ව යාබද අසුන
    අපි ගැනම තතු දන්න බුදුහිමි දසුන
    මලානික හද පතන සෙනෙහස් ගගුල
    නොහැකි නම් එක් වෙන්න වෙන වෙමු සොදුර

    කල නොකල හොද නොහොද මට තාම මතකයි
    දුන් සතුට ඒ සොදුරු ප්‍රේමයට මං තාම ලෝබයි
    නොපිපුනත් මේ ප්‍රේමයත් සුවදයි
    හිමිඋනත් වෙන් වෙන්න දැන් කාලයයි

    නුඹ ගියොත් මතු දිනක දෑතක වෙලී
    අපිට හුරු පාරවල් හැරයන්න බොහොමත් තුතී
    ඇය වෙතැයි කවුරු මුත් නොවෙමැයි සුදු
    දිනෙක මතු හැර ගියත් මං ඔයාගෙම සුදූ

    බුදු දෙසු දහමත් මේකමයි
    නැදැනුනත් ප්‍රේමයත් අනියතයි
    ගැලි ගැලී ඉදියොතින් දුකමමයි
    හැර ගියොත් දිනෙක මතු සැන්සීමමයි

    පතන්නෙමි හැරයන්න මොහොතක් තියා
    ලැබේවා හිත පැතුව ප්‍රේමයම නුඹගේ කියා
    ඇය සමග ගෙවන දිවියම අරුතක් වෙලා
    මල් පිපේවා පල බරව සුවද දී දිවියම පුරා

    ReplyDelete