Thursday, October 1, 2015

දෙවරක් තුන කීයද?

දෙවරක් තුන කීයද? මේකට උත්තරේ නොදන්න එක වගේම උත්තරේ වරද්දන එකත් දෙකේ පන්තියේදී වුණත් දඬුවම් ලැබිය හැකි වරදක්. දෙවරක් තුන හයයි කියලා චක්කරේ පාඩම් තියෙන ඕනි ළමයෙක් කියයි. ඒත් ඒක බස් වලට නම් අදාල නෑ කියලා තමයි මට හිතෙන්නේ.

ඒ ඇයි?

බස් වල සාමාන්‍යයෙන් තියෙන්නේ දෙන්නෙකුට වාඩි වෙන්න පුලුවන් සීට්. දැන් නම් ගොඩක් බස් වල තුනේ දෙකේ සීට් - ඒ කියන්නේ එක පැත්තක දෙන්නෙකුටයි අනිත් පැත්තේ තුන් දෙනෙක්ටයි වාඩි වෙලා යන්න පුලුවන් සීට් - තියෙනවා තමයි. මේවා නිසා දුර ගමන් බස්වල කෙසේ වෙතත් ළග දුවන බස්වල යන අයට නම් තියෙන්නේ කියලා ඉවර කරන්න බැරි කරදරයක්. ඒ මොන බස් එකක වුණත් පස්සෙම සීට් එකේ වාඩි වෙලා යන කොට ඒකෙ යන්න පුලුවන් ගාන ගැන හිතිලා තියෙනවාද?
අනිත් සීට් එක්ක බැලුවම පස්සෙ සීට් එක පේන හැටියෙන් නම්
ඒකෙ හයක් යන්න පුුලුවන් වෙන්න ඕනි තමයි... ගත්තෙ මෙතනින්...
ඇත්තටම ඒ සීට් එක, දෙකේ සීට් තුනක් එකතු කරලා හදපු එකක් වගේ තමයි. වෙන විදියකින් කියනවා නම්, දිග අනුව ඒක දෙකේ සීට් තුනක දිගට සමානයි කියන්න පුලුවන්. එ්ත් ගොඩක් වෙලාවට දෙකේ සීට් එකක වුණත් ඇතුල් පැත්තේ ඉන්න කෙනාගේ ඇඟේ කොටසක් තියෙන්නේ සීට් එකෙන් එළියේ කියලා අපි ඕනි තරම් දකිනවා. එතකොට ඒ වගේ සීට් තුනක් එකට තියලා හදපු දිග සීට් එකක හය දෙනෙක් යන එක, ඒ හය දෙනා ඉස්කෝලේ ළමයි වගේ පොඩි අය නොවෙන්න, සෑහෙන අමාරු වැඩක්.

එහෙම බැලුවාම දෙවරක් තුන හයක් නොවුණත් "ඔය පස්සෙ සීට් එකේ තව එක්කෙනෙක් වාඩි වෙන්න, ඕක පහකට නෙවෙයි හයකට යන්න හදල තියෙන්නෙ" කියලා කෑ ගහන කොන්දොස්තර මල්ලිලා අයියලා සහ අන්කල්ලා නම් කොච්චර ඉන්නවාද?

9 comments:

  1. අපේ රටේ බස් වල තියෙන අසාධාරණකම් ගැන මීට වඩා ජනතාව තුළ කතිකාවතක් ඇති වෙන්න ඕන කියල මම හිතන්නෙ. මෙහෙම හරි දෙයක් ලිව්ව එක අගය කරන්න ඕන. මගෙ බ්ලොග් එකේ පුළුවන් විදිහට මේ ගැන කතාකරන්න හිතාගෙන ඉන්නෙ ඉස්සරහට. ඔබට ස්තූතියි මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොමෙන්ටුවට මිත්‍රයා. අපේ රටේ ගොඩක් ඉන්නේ "දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න" අයනේ. ඒකයි ඔය. ඔබේ බ්ලොග් එකටත් මගෙන් සුබ පැතුම්.

      Delete
  2. මැද හිටං යන්න ඉඩක් මදි වුණත් ඒකටත් අර දෙකේ දෙකේ සීට් තියෙන බස් වල වගේම සෙනග පුරවන්න හදනව.
    මුංව යවන්න ඕන අපායෙ සැඩිං පැක් කරන්න

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. ඔක්කොටම වඩා කරදරේ තුනේ දෙකේ සීට් වලින් තමයි.

      Delete
  3. කියල වැඩක් නෑ ගමනාගමන කොමිෂන් සභා පොලෝසි මේ සේරම බස් මුදලාලිලටයි කොන්දන්ටයි බයයි.

    ReplyDelete
    Replies
    1. අපෝ කොමිසම්, අධිකාරි, පොලිසි විතරක් නෙවෙයි කාලයක් වෙනමම අමාත්‍යාංශෙකුත් තිබ්බ නේද? (දැන් නම් තියෙනවද මන්දා)

      Delete
  4. ඔතන බස් සේවකයින්ට අමතරව සමහර මගීන්ගෙත් වැ‍රැදි තියෙනවා.ලංකාවේ සීටීබී බස්වල කොන්දොස්තරලට සෙනඟ පටවන්න තේරෙන්නෙත් නෑ, ඕන කමකුත් නෑ.ඒත් බස් එකේ දොර දෙක ගාව සෙනඟ පිරිලා.මැද්දට යන්නෙත් නෑ, යන එකාට දෙන්නෙත් නෑ.අනික සමහර කාන්තාවන් බස් එකේ පොල්ල අල්ල ගත්තම ඒක වටේ කැරකි කැරකි ඉන්නවා මිසක් අයින් වෙන්නේ නෑනේ.පොල්ලට එච්චර ආදරේ.

    ReplyDelete
    Replies
    1. අනිත් උන්ට ඉඩ දෙන්නෙ නැති එක නම් අපේ උන්ගෙ හරියට තියෙනවා. තමන්ගෙ ඇඟෙන් කෑල්ලක් යනව වගේ. අර පොල්ල අල්ලන් ඉන්නෙ කාන්තාවන් විතරද හැබෑටම? කැබරේ එකකටවත් යවන්න :P

      Delete
  5. 1xbet korean 2021 ₹10,000 Bonus ₹10,000 Welcome
    1xbet korean 2021 ₹10,000 Bonus ₹10,000 Welcome Bonus ₹10,000 Welcome Bonus ₹10,000 바카라 Deposit Bonus ₹10,000 Sportsbook Bonus 1xbet ₹10,000 Bonus ₹10,000 Deposit Bonus ₹10,000 바카라 사이트 Deposit Bonus

    ReplyDelete